Colombo Today Local News

විඩාවට පත් චීන ජනතාවට ලංකාවෙන් පරිත්‍යාගයක් !

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයින් වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නිෂ්පාදිත තේ තොගයක් ඊයේ(06) පරිත්‍යාග කළේය.

චීන තානාපතිවරයා ජනාධිපති කාර්යාලය වෙත පැමිණ මෙම තේ තොගය භාර ගනු ලැබූවේය.

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයින් වෙනුවෙන් ලෝ ප්‍රචලිත සිලෝන් බ්ලැක් ටී තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තේ තොගය චීන තානාපති චෙංග් ෂියුආන් මහතා වෙත භාර දුන් අතර දුෂ්කර අවස්ථාවේ චීන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය දැක්වූ සහයට තානාපතිවරයා සිය ස්තූතිය පළ කළේය.

එසේම වූහාන් හි සිටි ශ්‍රී ලංකික සිසුන් මෙරටට ගෙන්වාගැනීමට ලබා දුන් සහය පිළිබඳව ජනාධිපතිවරයා තානාපතිවරයා වෙත ස්තූතිය පළ කර සිටියේය.

මේ අතර පකිස්ථාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් මුජාහිඩ් අන්වර් කාන් මහතා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණි.

දෙරට අතර සුහදශීලීත්වය වර්ධනය කර ගැනීම සහ ආරක්ෂක සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබදව මෙහිදී වැඩි අවධානයක් යොමු වී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ තරාතිරමේ සහ ශ්‍රේණිවල පුහුණුවීම් සඳහා පකිස්ථානය ලබා දෙන සහය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළ අග්‍රාමාත්‍යවරයා එය තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් පකිස්ථාන ගුවන් හමුදාවේ අවධානය යොමු කරනු ලැබූවේය.

Related posts

මීගමුව ප්‍රා. ලේකම්ගේ සිරුර බාල්කයක

Admin

GOOGLE ලූන් පළමු බැලූනය දැන් ශ්‍රී ලංකා ගුවනේ

colombotoday

බාල වයස්කාර දියණීය දුෂණය කළ යුද හමුදා විශ්‍රාමික නිලධාරීයාට වසර 15ක සිර දඬුවම්

Admin

සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට….

colombotoday

ත්‍රස්ත මර්ධන පනත ජනවාරියේ අහෝසියි.. ඒ වෙනුවනට ඇමරිකන් මොඩලයේ පනතක් එයි

colombotoday

ජොන්ස්ටන් ප්‍රනාන්දු බේරාගන්න පොලීසියට බාර වුනු අනුරුද්ධ සම්පායෝ.

colombotoday