Colombo Today Local News

වසන්ත ඝාතනයේ හවුල්වූවන්රැසක් පොලිස් දැලේ

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 7දෙනාගෙන් පොලීසිය වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටිනා බව වාර්තා වේ.

ඝාතකයන් පළායෑමෙන් අනතුරුව මහ මඟ හැර දමා ගිය වාහනවල ලියාපදිංචි හිමිකරුවන් මුල් කරගනිමින් එම විමර්ශන ක්‍රියාත්මක බව සඳහන්.

පොලිස් අත්අඩංගුවේ පසුවන ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන දුලාන් සන්ජුල නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ එම ව්‍යාපාරය ආරම්භ කිරීමට ලොකු පැටී නැමැති අපරාධකරු තමන්ට රුපියල් ලක්ෂ 16ක මුදලක් අවස්ථා කිහිපයකදී ලබාදුන් බවත් එම මුදල ලබාදීමෙන් පසු ලොකු පැටී නැමැත්තා, ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාට ආරාධනා කරන ලෙස දැනුම් දුන් බවත්ය.

කෙසේවෙතත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු පොලීසියට පාපෝච්ඡාරණය කර ඇත්තේ තමා ඝාතන සැලසුමක් පිළිබඳ කිසිවක් දැන නොසිටි බවයි.

Related posts

ඇප නෑ.. මුසම්මිලුත් ජූලි 4 දක්වා වැලිකඩට

colombotoday

මුස්ලිම් මළ සිරුරු ආදාහනය ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලයෙන් ලංකාවට නඩු

colombotoday

“මේක ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක්.. UNPකාරයන්ට ඕන විදිහට අපි නටන්න ලෑස්ති නෑ

colombotoday

අගමැති ඇවිත් ගිය පසු, මීතොටමුල්ලේ අවතැන්වූවෝ දෙස් දෙවොල් තබති.. හෙණ ඉල්ලති (Video)

colombotoday

කැළණිතිස්සෙන් නුදුරේදීම මෙගාවොට් 165ක් යළිත් ජාතික විදුලිබල පද්ධතියට

colombotoday

6.5% මදි.. බස් සංගම් සටනට සැරසෙයි… හෙට සිට වර්නයේ !

colombotoday