Colombo Today Local News

රුපියල් කෝටි 11කට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක් අත්අඩංගුවේ

රුපියල් කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57 දෙනෙකු පැය 24 ක් තුළ බස්නාහිර පළාතේ වංචා විමර්ශන අංශවලින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් මෙම විශේෂ වැටලීම සිදුකර ඇත.

බස්නාහිර පළාතේ වංචා විමර්ශන කාර්යංශයන් වෙත ලද මූල්‍ය වංචා පැමිණිලිවලට අදාළව මෙතෙක් අත්අඩංගුවට ගත නොහැකිව පොලීසිය මඟහරිමින් සිටි සැකකරුවන් 57 දෙනෙකු ඊයේ (05) දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අතර කාන්තාවන් 09 ක් සහ පිරිමින් 48 ක් සිටින අතර ඔවුන් මුදල් වංචා කිරීම්, මුදල් විශ්වාසය කඩ කිරීම්, කූඨ ලේඛන සකස් කිරීම්, බහු විවාහ සිදුකර ගැනීම් වැනි අපරාධ 70කට සම්බන්ධ බව අනාවරණය වී ඇත.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් විසඳුණු අපරාධවල සම්පූර්ණ මූල්‍ය වටිනාකම රුපියල් 108,470,356 කි.

මෙම සැකකරුවන්ට අමතරව පොලීසිය මඟහැරි වරෙන්තුකරුවන් 13 ක් ද මෙම මෙහෙයුමේ දී වංචා විමර්ශන කාර්යංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සියලු සැකකරුවන් අද අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

කැරම් බෝඩ් නඩුව: මහින්දානන්දට නව චෝදනා.

Admin

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගෙන් චෝදනාවක්

colombotoday

වගා හානි වූ ගොවීන්ට නොමිලේ ඉන්ධන ලබා දීම අරඹයි

Admin

මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට…

colombotoday

පදික වේදිකාවල වාහන නැවත්තුවොත් පොලීසිය ඉවත් කරනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

රිෂාඩ්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් ඩෙටනේටර් සමග අත්අඩංගුවට…

colombotoday