Colombo Today Local News

රාජිත මන්ත්‍රීධුරයෙන් පැන්නුවේ මමයි – විජේදාස රාජපක්ෂ

wijeyadasa-rajapakshCDN

ඇවන්ගාඩ් ආරක්ෂක සමාගම වෙනුවෙන් පෙනී සිටින බව කියමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා තමාට චෝදනා කරන්නේ කලක පටන් තමා සමග ඇති වෛරයක් නිසා යැයි බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

රාජිත සේනාරත්න මහතා වැරදිකරුවෙකු බවට චෝදනා කරමින් 1999 වසරේ ඔහුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් නෙරපනු ලද්දේ තමා අභියාචනාධිකරණයේ ගොණු කළ නඩුවක් නිසා බව රාජපක්ෂ මහතා කීවේය.

තමන් කිසි දිනෙක ඇවන්ගාඩ් සමාගම වෙනුවෙන් පෙනී නොසිටි බවත් තමා කතා කළේ නීතිපතිවරයාගේ නිගමනයන්හි නිවැරදිතාව පිළිබඳව බවත් ඔහු කීවේය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා හැමදාම කැබිනට් රැස්වීමේ දී කරන්නේ අනෙකුත් කැබිනට් අමාත්‍යවරුන්ට දොස් කීමයි.එලෙස කටයුතු නොකරන්නැයි ජනාධිපතිවරයාත් ඔහුට උපදෙස් දී තිබෙනවා.

ඔහු 1994 වසරේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි. ඊට පෙර ඔහු සෞඛ්‍ය උපදේශක කාරක සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කළා. ඒ කාලයේ සිට එතුමා යුද හමුදාවට හා ඔසුසලට දන්ත වෛද්‍ය ඖෂධ හා උපකරණ සැපයුවා.

ඔහු මන්ත්‍රීවරයකු ලෙස සිටියදීත් ඒ දේ කළා. ඒ කාලයේ විදේශවලින් ඖෂධ ගෙන්වා ත්‍රිවිධ හමුදාවට ලබාදුන්නා. මේ ගැන සඳහන් කරමින් ඔහු වැනි මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට සුදුසු නැති බව පවසා මම අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළා. එම නඩුවේ පැමිණිලිකරු වුනේ ඩිලාන් පෙරේරා. මේ නඩුවෙන් ඔහු වැරදිකරු බව ඔප්පුවීම නිසා 1999 දී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් නෙරපුණා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ එලෙස නෙරපුණු එකම මන්ත්‍රීවරයා වන්නේ රාජිත සේනාරත්න මහතායි.

“ඒ නඩු තීන්දුව දුන් දා සිට ඔහු මා සමග සිටියේ වෛරයකින්. ඒ නිසා තමයි මට විරුද්ධව මඩ ප්‍රචාර පතුරුවන්නේ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සංවරශීලී හා බුද්ධිමත්ව කළ යුතුයි. එසේ නොමැතිව වාචාලකමින් දොඩවන මාධ්‍ය ප්‍රකාශකවරයකු සිටින එකම රට ලංකාවයි” රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

Related posts

“මා කියූ අනාවැකි එලෙසම සිදුවනවා නියතයි“ – ලෝකෙම නෑ කියද්දී ට්‍රම්ප් දිනනවා කී විජිත රෝහණ කියයි

colombotoday

Video: උතුරේ දේශපාලකයන්ගෙන් සිංහලයා ඉලක්ක කර එල්ලවෙන ජාතිවාදී තර්ජන

colombotoday

ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

25,000 දඩය 50,000 වෙයි.. වසර දහයක සිර දඩුවමකුත් නිර්දේශ වෙයි !!

colombotoday

ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක්

colombotoday

TNA මන්ත්‍රී වෙනම රටක් වෙනුවෙන්, ඊළාම් සමුළුව අමතයි.. අත්අඩංගුවට ගැනීමේ නියෝග නෑ !!

colombotoday