Colombo Today Local News

“බුද්ධි අංශ ප්‍රධානියා වහාම නෙරපනු“…. පුරවැසි බලයෙන් ජනපතිට දැඩි බලපෑම්

sarath-wijesooriya

කුමන්ත්‍රණයක” යෙදී සිටින හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වහා ඉවත්කරන ලෙස ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය’, ‘පුරවැසි බලය’ යන සිවිල් සමාජ කණ්ඩායම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලා සිටිති.

හමුදා ප්‍රධානීන් සහ ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් අධිකරණයට කැඳවනු ලැබීම සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තැබීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ පොලිසිය විවේචනය කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විරෝධය දැක්වීම සඳහා ඊයේ (14)  කොළඹදී කැඳවා තිබු මාධ්‍ය හමුවේදී ඔවුහු මෙම ඉල්ලීම කළහ.

කුමන්ත්‍රණයක් :

ජනාධිපතිවරයාට පසුගියදා කල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සඳහා හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ කුමන්ත්‍රණ හේතුවී ඇති බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා චෝදනා නගමින් පෙන්වා දුන්නේය.

“අවුරුදු 8ක් තිස්සේ රාජපක්ෂ පාලනය තුළ මේ තනතුර දැරූ පුද්ගලයාම තමයි තාමත් මේ තනතුර දරන්නේ, ත්‍රිවිධ හමුදාවම ජනාධිපතිවරයාට විරුද්ධ තැනක සිටින බවටවන මිත්‍යාව ඔහු වපුරලා තියෙනවා”

පසුගිය කාලයේ හමුදා බුද්ධි අංශ යොදවා කළ අපරාධ සම්බන්ධ පරීක්ෂණ අවසන් අදියරට පැමිණ ඇති අවස්ථාවක පැවැති රජයේ ප්‍රබලයන් මෙන් ම තමා ද අත්අඩංගුවට පත්වීම වළක්වාගැනීම සඳහා හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙලෙස ක්‍රියාකරන බව මහාචාර්ය සරත් විජේසුරිය මහතා පෙන්වා දුන්නේය.

” මාදුළුවාවේ සෝභිත හිමියන් නියෝජනය කරන සාධාරණ සමාජයක් ව්‍යාපාරයේ නියෝජිතවරයා ලෙස මම ඉල්ලා සිටිනවා හමුදාවේ ප්‍රශ්න ගැන තොරතුරු ලබාදීමට බාධා කරන මේ පුද්ගලයා ඉවත්කරන්න කියලා”

මහින්දගේ මතවාදයම :

මෙහිදී අදහස් දැක්වූ පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ මහතා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හැදින්වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මතවාදය නියෝජනය කිරීමක් ලෙසය.

ජනාධිපතිවරයාට ඇත්තේ නීතිය ක්‍රියාත්මක නොවීම ගැන ප්‍රශ්නයක් නම් ඔහු කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම විනා මෙවන් ප්‍රකාශකිරීම නොවන බව ද ගාමිණි වියන්ගොඩ මහතා පැවසීය.

හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට එල්ල කරන චෝදනා පිළිබඳව කරුණු විමසීමට හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධකරගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.
(බිබිසි සංදේශය)

Related posts

ඡන්ද නොතියන ඇමති ෆයිසර්ට එරෙහිව විශ්වාසභංගයක්.. බහුතරය දැනටමත් ලෑස්තියි !

colombotoday

STF භටයෙකුට සිර කරගෙන පහරදෙයි.. මඩකලපුවේ උණුසුම් තත්ත්වයක් !

colombotoday

උසස් පෙළ විභාගය පිළිබඳ විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

colombotoday

අනුර කුමාරට බිත්තර-ගල් ගසා පොලිසියට බාර දුන් දෙදෙනා අතුරුදන්.

colombotoday

2011 ක්‍රිකට් තරග පාවාදීම පැමිණිල්ලේ පරීක්‍ෂණ අවසන් පාවාදීමක් ගැන කරුණු අනාවරණයක් නෑ..

colombotoday

කෝටි 6කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව අල්ලයි

Admin