රජය විසින් හදුන්වා දී ඇති ඉන්ධන මිළ සූත්රයට ඉන්ධන මිල වැඩි කිරීම සදහා පමණක් යොදා ගන්නා උපක්රමයක් බව හිටපු ඛණිජතෙල් සංවර්ධන ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ඉන්ධන ගොඩබෑම සදහා සදහා කොළඹ වරායෙන් හා ත්රිකුණාමල වරායන් අය කරන ගාස්තු වෙනස් බවත් එනිසා මිල සූත්රය අනුව ත්රිකුණාමලයෙන් ගොඩබාන ඉන්ධන අඩු මිලට ලබා දිය යුතුව ඇති බවත් ඔහු සදහන් කරයි.
නමුත් ත්රිකුණාමලයෙන් ගොඩබාන තෙල් ඉන්දීය කෙල් සමාගම විසින් විකුණන්නේ වැඩි මිලට යයිද ඔහු චෝදනා කරයි.