Colombo Today Local News

මාලි රාජ්‍යයේදී සෙබළුන් දෙදෙනෙකු මියයෑම.. ජනපතිගෙන් මානව හිමිකම් කොමිසමට චෝදනා

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා සේවයෙහි යෙදී සිටියදී ප්‍රහාරයකට ලක්ව මියගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේන මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට චෝදනා කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ජනාධිපතිවරයා චෝදනා කරන්නේ එම හමුදා සාමාජිකයින් දෙදෙනා ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට නියමිතව තිබුණේ මීට මාස හයකට පමණ පෙර බවත් එහෙත් සාම සාධක සේවයට යවන සෙබළුන්ගේ මානව හිමිකම් පසුබිම සොයාබලමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම “කරදර කිරීම” නිසා ඔවුන්ට නියමිත කාලයට ආපසු ඒමට නොලැබුණු බවත් ය.

එහෙයින් මානව හිමිකම් කොමිසම අදාළ “කරදරය” නොකළා නම් එම මේජර්වරයා සහ සෙබළා කිසිසේත්ම මරණයට පත් නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ අතර ඉදිරි මාස දෙකක කාලය තුළ නියත වශයෙන් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන බවත් එහිදී අපරාධ කරුවන් ආරක්ෂා කිරීමට නොපැමිනෙණ ලෙස මානව හිමිකම් සංවිධාන වෙත දන්වන බවද ජනාධිපති සිරිසේන පවසයි.

Related posts

දින 08කට පසු ගෑස් සිලින්ඩර් 50,000 ක් අද වෙළෙඳපොළට..

colombotoday

ඥාණසාර හිමි ඇප මත නිදහස්

colombotoday

අසාද් සාලිට රජයෙන් ප්‍රභූ ආරක්ෂාව දීලා, මධ්‍යම සභාවේදී කුණු බැනුම්

colombotoday

හදිසි විදුලි බිඳ වැටීමෙන්, ජාතික රෝහලේ අක්‍රිය වූ MRI යන්ත්‍ර මෙතෙක් නඩත්තු කර නැහැ

Admin

අදානි ගියා!! මෝදි ආවා!!! බලශක්තියට ඇඩ්‍රස් නැද්ද?

colombotoday

දේශබන්දු නැතුව යුක්තියට වුන දේ

Admin