රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා ගත් නාගරික සංවර්ධන අධිකාරියේ, මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ සැලසුම් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබා දීමට අවශ්‍ය ලියකියවිලි සැකසීම සඳහා ඔහු මෙම අල්ලස් මුදල පුද්ගලයෙකුගෙන් ලබා ගෙන ඇත.
අදාළ නිලධාරියා අල්ලස් කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.