Colombo Today Local News

මහරජ ගැමුණු කැනඩා පනින්න තමාටම වෙඩි තබාගෙන

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමග එක්වී සැලසුම්සහගතව සිදු කළ රංගනයක් බව අනාවරණ වී ඇති බව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසූවා.

එවකට මහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙම වෙඩි තැබීමේ සිදුවීම වාර්තා වූයේ ඉකුත් 2023 වසරේ සැප්තැම්බර් 17 වනදාය.

එම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයා ගමන්කළ මෝටර් රථයේ පිටුපස පැති වීදුරුවට හානි සිදුවී තිබූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු අනතුරක් සිදුවී තිබුණේ නැත.

වෙඩි තැබීමේ සිදුවීම සැලසුම් කළ බව අනාවරණය වී ඇති පොලිස් අධිකාරිවරයා මේ වන විට රටින් පිටව ගොස් ඇති බවත් වෙනත් පොලිස් නිලධාරියකු අත ඔහුගේ ගිනි අවිය පොලිසියට ආපසු භාරදී ඇති බවත් වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ විමර්ශන සිදුකළ අතර සිද්ධියට අදාළ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී සඳහන් කළේය.

මෙම නාටකය හරහා උද්දික ප්‍රේමරත්න හිටපු මන්ත්‍රීවරයා කැනඩා පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළ අතර තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මේ වන විට සිය පවුල සමග කැනඩාවේ පදිංචියට ගොස් ඇත.

Related posts

හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකු අල්ලයි

colombotoday

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද අත්අඩංගුවට

Admin

කල් ඉකුත් වූ වී මිලදී ගෙන ගබඩා කෙරු නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

colombotoday

හිටපු ජනපති ගෝඨාභයගේ නිල නිවසේ තිබූ මුදල් සම්බන්දයෙන් ප්‍රකාශයක් ගන්නැයි නියෝගයක්

Admin

මීගමුවේ දැරියක් අතුරුදන් – තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න

Admin

පුහුණුවීමක් අතරවාරයේ පැරෂුටය පැටලී ගුවන් හමුදා නිලධාරියෙක් ජිවිතක්ෂයට

colombotoday