ජලසම්පාදන මණ්ඩලයට අයත් වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අඛණ්ඩ වැඩ වර්ජනයක නියෑළීමට තීරණය කර ඇත.
ප්‍රසාද දීමනා කප්පාදු කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඒ අනුව හෙට (26) සහ අනිද්දා දෙදින නඩත්තු සේවා මුරවලින් ඉවත්වන බව එම සන්ධානය පවසයි.
එමෙන්ම ලබන සඳුදා (28) පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා දීපව්‍යාප්ත විරෝධතාවක නිරත වන බවත් එම කාලයේදී බිල්පත් ලබාගැනීම, නිකුත් කිරීම මෙන්ම නඩත්තු කටයුතු සිදු නොකිරීම ඇතුළු සේවාවන් කිහිපයක් මහජනතාව වෙනුවෙන් සිදු නොවන බවත් නිවේදනය කරයි.