Colombo Today Local News

බස්නාහිර මන්ත්‍රීන්ගේ පස්සට සැප දෙන යෝජනාව ආණ්ඩුකාරයා කණපිට හරවයි… ලක්‍ෂ 997 ඇනවුම අවලංගු කරයි…

බස්නාහිර පළාත් සභා රැුස්වීම් ශාලාවේ සවිකිරීමට ඇණවුම් කළ පුටුවක මිල රුපියල් 6,44,000 ක් නොව රුපියල් 8,44,000 ක් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ඊයේ (13 වැනිදා* පැවසීය.

මේ අනුව රුපියල් ලක්‍ෂ 997 ක වියදමින් ගෙන්වීමට ඇණවුම් කළ එම පුටු ටෙන්ඩරය ඊයේ අවලංගු කර ඒ බව බස්‌නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත දැනුම් දුන් බව ද ආණ්‌ඩුකාර කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ආණ්‌ඩුකාරවරයා පැවසීය.

මෙම පුටු ඇණවුම් කිරීම බස්‌නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් සිදුකර ඇති බවත් එය ඇතුළු කරුණු කිහිපයක්‌ මත ටෙන්ඩරය අවලංගු කළත් පුටු ඇණවුම් කළ සමාගමට වන්දි වශයෙන් සතයක්‌ හෝ ගෙවීමේ අවශ්‍යතාවක්‌ නොමැති බවත් ඒ මහතා අවධාරණය කළේය.

Related posts

කබ්රාල්ගේ පත්වීම වළකන්නැයි, ඉල්ලූ රිට් ආඥා පෙත්සම සලකා බැලීම 7 වැනිදා

colombotoday

ගම්පහ අධිකරණය අසලදී වෙඩි කෑ ‘පස් පොඩ්ඩා’ මරුට

colombotoday

අලියා වෙනත් පක්ෂයකට දෙන්න බැහැ – අකිල විරාජ් කාරියවසම්

colombotoday

සිංහරාජ කැලෑව මුදුණේ වැව් හදන්නෑ. . ගිංඟගේ පහළ කොටසේ අක්කර පහක පොඩි ජලාශයක් හදන්නයි සැලසුමක් තියෙන්නේ.

colombotoday

නව ලිට්‍රෝ සභාපති මෙන්න

Admin

“කොරෝනා පැණිය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දෙනවා” – ධම්මික බණ්ඩාර කියයි

colombotoday