Colombo Today Local News

පොලිසිය කියන්නෙ බොරු.. පිළිගන්න එපා – ඇප ලබා පැමිණි ලාල්කාන්ත කියන දේ

ශ්‍රී ලංකාවේ පොලීසියට ගොරකා, දඩ මස් කරන්නත් දඩ මස්, ගොරකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳව හොඳින් දන්නවා. පොලීසිය කියන සියලු  දේ ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නෑ. එසේ නම් රටේ අධිකරණයක් අවශ්‍ය නැතැයි, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පැවැසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට  රක්ෂිත බන්ධනාගාර ගතව සිට මෝසමක් මගින් ඇප ලැබීමෙන් අනතුරුව අද (7දා) අනුරාධපුර උසාවිය  අසලදී ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා.

“පසුගිය පළමු වැනිදා මා පැදවූ කැබ් රථය, යතුරුපැදියක  ගැටී අනතුරක් සිදු වුණා. මම කනගාටු වෙනවා එම රිය අනතුර, වලක්වා ගන්න බැරි උන එක ගැන. එක පැත්තකින් මා සතුටු වනවා මීට වඩා බරපතළ හානියක් නොවී  එතුමියගේ ජීවිතේ මට බේරා ගන්න ලැබීම පිළිබඳව. එම මොහොතේ පාලනයෙන් තොරව පැමිණි යතුරුපැදිය තමයි මගේ වාහනයේ  ගැටුණේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. පොලිසියේ  විමර්ශන කටයුතු වල සිටියා, අපි ඒ විමර්ශන කටයුතු කර ගෙන යන්න ඉඩ හැරියා. පස්සෙ රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කළා, එතැනින් පසුව දින දාහතරක් රක්ෂිත බන්ධනාගාර ගත කරා, ඊට පසුව මෝසමක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලැබුණා..

මුලින්ම රෝගියා සම්බන්ධයෙන් අපි මොකක්ද කරන්න පුළුවන් කියලා බලලා, ඒ සම්බන්ධයෙන් උපරිම කටයුතු කරනවා. නීතිඥයන් බොහෝ දෙනෙක් මේ කටයුත්තට මා වෙනුවෙන් පෙනී සිටියා. ඒ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා. 

නීතියට අනුව මේ දේවල් සිද්ධ වුණා. අපිත් එක්ක එක එක ඇරියස් තියෙන අය ඉන්නවා. දේශපාලන ඇරියස් තියෙන අය ඉන්නවා, එක එක න්‍යාය  පත්‍ර වල වැඩ කරන අයත් ඉන්නවා. පොලීසියේ ඇතැම් වාර්තා පිළිබඳව අපට ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබෙනවා. ඒවා අපි නීතියෙන් අධිකරණයට ඒවා ඉදිරිපත් කරලා අධිකරණයෙන් විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා යැයි” ඔහු පැවසිය.

Related posts

පළාත් සභා සීමා නීර්ණ වාර්තාවට තවත් මාස දෙකක් – මැතිවරණය තවත් කල් යයි

colombotoday

“එකට කාල බීල හිටපු මුස්ලිම් මැති ඇමතිලා මෙහෙම කරයි කියල හිතුවෙ නෑ…” සිංහල මැති ඇමතිවරුන්ට මරණ බිය දැනෙයි…

colombotoday

අවුරුදු 46 ක රැඳවියෙක් සහ අවුරුදු 38ක එල්.ටී.ටී.ඊ රැඳවියෙක් මෙවර උසස් පෙළ සමත්

colombotoday

ගමන් බෑගයක් තුළ තිබූ කාන්තා මළ සිරුර හඳුනා ගැනේ

colombotoday

පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ

colombotoday

ආර්ථික සංවර්ධනය හා අයෝජන මණ්ඩලයෙන් මාර්ග සංවර්ධනයට කෝටි 43ක් පොලු තියලා

Admin