Colombo Today Local News

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අර්බුදයක

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද කථානායක කරු ජයසූරිය මහතා හමුවීමට නියමිතව තිබෙනවා.

එම කාරක සභාවේ කටයුතු සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙලෙස කථානායකවරයා හමුවන බවයි එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද ජයතිස්ස මහතා කියා සිටියේ.

මේ අතර පාර්ලිමේන්තුව ද අද පස්වරු 01ට රැස්වීමට නියමිතයි.

අද රැස්වන පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසින් සිදුකරමින් සිටින මහා පරිමාණ කොල්ලයක් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියේ.

Related posts

“මයිලෝ“ පාසල්වල විකිණීම නීති විරෝධීයි.. පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අධිකරණයට

colombotoday

මහයියාවට සංචරණ සීමා

colombotoday

මාධ්‍ය හමුවකදී රන්ජන්ට මළ පනී.. මාධ්‍යවේදියාටත් තග දමා කැමරාවටත් පහර දෙයි

colombotoday

මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්

colombotoday

දෙමවුපියන්ට සහනයක්… පාසල් වෑන් ගාස්තුත් අඩුවෙයි

Admin

මහඇමති විදුහල්පතිනිය දණගැස්සුවාමදැයි හොයන්න සර්වපාක්ෂික කමිටුවක් පත්කෙරේ

colombotoday