Colombo Today Sports News

පාකිස්තානයට යෑමට නියමිත ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක්

පාකිස්තානයේ තරග සංචාරයකට එක්වීමට නියමිත ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට අවස්ථාවක පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

අග්‍රමාත්‍ය කාර්යාලයට ලැබී ඇති තොරතුරක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ක්‍රිඩා අමාත්‍යාංශය හරහා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

ඒ අනුව පාකිස්තාන තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව පිළිබඳව ශ්‍රී ලංකා රජයෙන් ආරක්ෂක වාර්තාවක් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි.

එක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට ශ්‍රී  ලංකා කණ්ඩායම පාකිස්තානයෙ තරග සංචාරයකට එක්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් 10ක් තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් ළහිරු තිරිමාන්න එක්දින නායකයා ලෙසත්, දසුන් ශානක විස්සයි20 නායකයා ලෙසත් මෙම තරගාවලිය වෙනුවෙන් නම් කර තිබේ.

Related posts

Video: සිදුවූ වරද බාර ගත් වෝනර් කඳුළු සලමින් ක්‍රිකට් දිවියෙන් සමු ගනී

colombotoday

තියුණු පරාජයෙන් පසු ඇෆ්ගන් ප්‍රේක්ෂකයෝ කුලප්පු වෙයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව පුහුණුකරුවන් 14ක්.

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ලංකාවට රිදී පදක්කමක්

colombotoday

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Admin

සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම

colombotoday