Colombo Today Local News

නැගෙනහිර මුහුදේ ඉන්ධන රැගත් නෞකාවක ගින්නක්

අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.

“MT නිව් ඩයමන්ඩ්” නම් මෙම නෞකාවේ සේවයේ යෙදී සිටිය කාර්ය මණ්ඩලය බේරා ගැනීමට අවශ්‍ය පියවර නාවික හමුදාව මේ වන විටත් ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම නෞකාව පැනමාවට අයත් වන අතර එය ඉන්දියාව බලා යමින් සිටිය බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරය සඳහන් කළේ.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට නෞකා දෙකක් සහ හම්බන්තොට නාවික හමුදා කඳවුරෙන් එක් නෞකාවක් අදාළ මුහුදු ප්‍රදේශය වෙත යවා ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

Related posts

තායිලන්තයෙන් ගෑස් මිලදී ගන්න කැබිනට් අනුමැතිය ලැබෙයි

colombotoday

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇප මත නිදහස්

colombotoday

තවත් හෙක්ටයාර හැට දහසක වී වගා කිරීමට සැලසුම්

colombotoday

සජිත් ගෙන ආ රංජන්ගේ නිවාඩු යෝජනාව කතානායක ප්‍රතික්ෂේප කරයි

colombotoday

බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා රිමාන්ඩ් භාරයට….

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

Admin