Colombo Today Local News

ධීවරයන්ට බෙදා දීමට ගෙනා ටැබ් 1500ක් අතුරුදන් !

බහුදින ධීවර යාත්‍රා හිමියන්ට ලබාදීමට ධීවර අමාත්‍යාංශය විසින් මිලදීගත් ටැබ් පරිගණක එක්දහස් පන්සීයක් අස්ථානගත වී ඇති බව ධීවර වෘත්තිය සමිති සඳහන් කරති.

ධීවරයන් සවිබලගැන්වීම යටතේ බහුදින යාත්‍රා විසින් නෙළා ගන්නා මත්ස්‍ය අස්වනු ප්‍රමාණය, අස්වැන්න නෙළා ගත් ස්ථානය ඇතුළු තොරතුරු රාශියක් පරිගණකගත කිරීම යටතේ මෙම ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමට සැලසුම් කළ බවද වෘත්තිය සමිති නියෝජිතයෝ පවසා සිටිති.

මේ අනුව පළමු අදියර යටතේ ටැබ් පරිගණක යන්ත්‍ර 1,500ක් බෙදාදීමට සැලසුම් කළ බවත්, අමාත්‍යාංශ මුදලින් ටැබ් යන්ත්‍ර මිලදී ගෙන සහන ගෙවීමේ ක්‍රම යටතේ ධීවරයන්ට මෙම යන්ත්‍ර බෙදාදීමට සැලසුම් කළ බවත් එම පිරිස් සඳහන් කරති.

මේ අනුව මේ වසර තුළදී ටැබ් පරිගණක යන්ත්‍ර එක්දහස් පන්සීයක් අමාත්‍යාංශ මුදලින් මිලදීගෙන තිබෙන බවත්, එහෙත් එම ටැබ් යන්ත්‍ර මෙතෙක් ධීවරයන්ට ලබාදී නොමැති බවත් එම පිරිස් පෙන්වා දෙති.

අදාළ ටැබ් පරිගණක යන්ත්‍ර තිබෙන ස්ථානයක් පිළිබඳ හෝ තොරතුරක් නොමැති බවද ධීවර වෘත්තිය සමිති සඳහන් කරති.

Related posts

කොටි එලියට – බුද්ධි අංශ නිලධාරීන් හිර ගෙට – බොදු බලේට උද්ඝෝෂණ තහනම්

colombotoday

ඉදිරියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත භූකම්පන අවදානමක්!‌ – අනතුරු ඇඟවීමක්

colombotoday

උඩරට මාර්ග රැසකට පස් කඳු කඩා වැටෙයි

Admin

ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

Admin

අප්‍රේල් සිට උමාඔයෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට

Admin

“ක්‍රිකට් හොරු ගැන එන සතියේ හෙළිකරනවා.. රටම පුදුම කරනවා” – රන්ජන්

colombotoday