Colombo Today Local News

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව විග්නේශ්වරන් නව සන්ධානයට අත්සන් තබයි

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුතුව බිහි කළ නව සන්ධානයේ සන්ධානගත පක්ෂ අද(09) යාපනය පෞද්ගලික හෝටලයකදී සන්ධානගත ගිවිසුමට අත්සන් කෙරිණ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය නායකත්වය දරන දෙමළ මහජන සභාව සංවිධානය,සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා නායකත්වය දරන ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය, උතුරු පළාත් හිටපු අමාත්‍ය ආනන්දි සෂිදරන් මහත්මිය නායකත්වය දරන ඊළාම් දෙමළ ස්වාධීන පක්ෂය හා ටෙලෝ පක්ෂයෙන් ඉවත්වු ටෙලෝ පක්ෂයේ හිටපු ලේකම් වු එස්.ශ්‍රීකාන්ත මහතා නායකත්වය දරන දෙමළ ජනතා පක්ෂය අදාළ ගිවිසුමට අත්සන් කරනු ලැබීය.

දෙමළ ජනතා ජාතික සන්ධානය නමින් එළැඹෙන මැතිවරණය වෙනුවෙන් තරඟ කිරීමට අදාළ පක්ෂ නව ගිවිසුම මඟින් ගිවිසුම්ගතවිණ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පැවසුවේ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නව සන්ධානය එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත් වෙනුවෙන් තරඟ කිරීමට නියමිත බවයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හරහා විසදුම් නොලැබෙන බැවින් දෙමළ ජනතාවගේ ගැටළු විසදීම අරමුණු කර ගනිමින් නව සන්ධානය කටයුතු කරන බවද විග්නේශ්වරන් මහතා සඳහන් කළේය.

උතුරු නැගෙනහිර ජිවත්වන දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන අතර, දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව රවටමින් සිටින බවද විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කළේය.

යුධ අපරාධ වෙනුවෙන් සාධාරණය ඉටු කර ගැනීම, ආරක්ෂක අංශ සතු උතුරු නැගෙනහිර සිවිල් වැසියන්ගේ ඉඩම් නිදහස් කර ගැනීම, අතුරුදහන්වූවන්ගේ ගැටළුවට විසදුම් ලබා ගැනීම, යුද්ධයෙන් අවතැන්වු ජනතා ගැටළු විසදීම වැනි උතුරු නැගෙනහිර ජනතාවට විශේෂිත වු ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදීමට දෙමළ ජාතික සන්ධානයට මෙතෙක් නොහැකිවීම හරහා දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදීමට නව සන්ධානය බිහි කිරීමට සිදුවු බවද හෙතෙම පැවසුවේය.

දෙමළ ජනතාව නව සන්ධානයක් බිහි කරන ලෙසට ඉල්ලීම් කළ බවත්,අදාළ සන්ධානය වෙනුවෙන් දෙමළ ජනතාවට හිතැති,දෙමළ ජාතික සන්ධානයට එරෙහි ස්වාධීන කණ්ඩායම්,සිවිල් සංවිධාන,උතුරු නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන්,උතුරු නැගෙනහිර බුද්ධිමත් ජනතාව එක්ව සිටින බවද විග්නේශ්වරන් මහතා පැවසුවේය.

පුළුල් දැක්මක් සහිතව නව සන්ධානය එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට නියමිත අතර, තෛපොංගල් මුට්ටිය සළකුණ යටතේ අදාළ සන්ධානය මැතිවරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ඇමති වජිරත් සහනාධාර අවභාවිතයේ.. ජනතාව දුන් ආධාර තමන්ගේ නම ගසා බෙදා හරී

colombotoday

“ශ්‍රීලනිප – එජාපය වහා සමගිවනු.. ඉක්මනින් අලුත් ව්‍යවස්ථාව ගෙනෙනු..!“ – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

ඇදුම් ගන්න සිංහල කඩයක් සොයනවාද? – කොඩියෙන් හදුනාගන්න කුරුණෑගල බොදු වෙළදසැල්

colombotoday

ඇමති බදියුදීන් ජාත්‍යන්තරය ඇවිලවීමේ සූදානමක… සිංහලයන් සුළු ජාතීන්ට හිරිහැර කරනවායි පෙන්වීමට වීඩියෝවක් හදයි !!

colombotoday

අයි.එම්.එෆ් ණය මුදල් ලැබෙන්න නිශ්චිත කාලයක් නෑ

colombotoday

නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණයි !

colombotoday