Colombo Today Local News

දිවුරුම්දීම ඇරඹෙයි.. දුමින්දගේ, අමරවීරගේ ඇමතිකම් මාරුවෙයි

වත්මන් ආණ්ඩුවේ සිව්වෙනි කැබිනට් සංශෝධනය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යායේ සිදුවෙමින් පවතී.

දුමින්ද දිසානායක මහා වාරිමාර්ග සහ ජලසම්පත් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

එස්.බි. නාවින්න මහතා විදේශ සබදතා හා වයඹ සංවර්ධන අමාත්‍යවරයාය.

සරත් අමුණුගම මහතා විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ, නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දිවුරුම් දුන්නේ මහජන ව්‍යවසාය හා මධ්‍යම සංවර්ධන අමාත්‍ය තනතුරේය.

පළාත්සභා පළාත් පාලන සහ ක්‍රීඩා ඇමතිවරයා ලෙස ෆයිසර් මුස්තාපා මහතා දිවුරුම් දුන්නේය.

බන්දනාගාර ප්‍රතිසංස්කරණ හා නීතිය අමාත්‍ය ධුරයේ තලතා අතුකෝරළ මහත්මිය දිවුරුම් දුන්නේය.

Related posts

ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්න උළමා සභාවට රාජ්‍ය අනුග්‍රහය?

colombotoday

පනාගොඩින් අසුවූ ලංකාවේ ලොකුම ෆේස්බුක් සාදය. තරුණ තරුණියන් 400කට අධික පිරිසක්.

colombotoday

මුරුත්තෙට්ටුවේ හිමි ඉවත් කරන ලෙස ජනපතිට දන්වයි

Admin

දේශපාලන කටයුතුවලින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරයෙකු අත්හිටුවයි

Admin

ඊ නිව්ස් සඳරුවන් ජනපති ළඟ දනින් වැටෙයි

colombotoday

ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

Admin