Colombo Today Local News

ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිට වැන් විල් ඉන්වෙස්ට්මන්ට් ආයතනයෙන් ප්‍රහාරයක් – රෝහල් ගත කිරීමෙන් පසු මිය යයි

සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට “වැන් විල් ඉන්වෙස්ට්මන්ට්” නැමති ලිසිං ආයතනයේ පිරිසක් විසින් ඊයේ (10) දින සිදුකල පහරදීමක් හේතුවෙන් මරණයට පත්වී තිබෙනවා.

මාර්තු, අප්‍රේල්,මැයි මාස සඳහා ලීසිං වාරික ගෙවීමට නොහැකි වූ ත්‍රිරෝද රථ හිමියෙකුගේ QM 6608 දරන ත්‍රිරෝද රථය මෙම ආයතනය විසින් රජයේ නියමයන් ද නොතකමින් රැගෙන ගොස් ඇති බවට එම ත්‍රිරෝද රථයේ හිමිකරු විසින් සිදුකල පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳව විමසීම සඳහා සුනිල් ජයවර්ධන මහතා ඊයේ පස්වරුවේ අංක 253, පරණ කොට්ටාව පාර, ඇඹුල්දෙනිය, නුගේගොඩ ලිපිනයේ ඇති “වැන් විල් ඉන්වෙස්ට්මන්ට්” ආයතනයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී මෙම පහර දීම සිදුවී ඇත.

පහර දීමෙන් පසු රෝහලට ඇතුලත් කෙරුණු සුනිල් ජයවර්දන මහතා ඊයේ රාත්‍රියේ දී මියගොස් ඇත.

ප්‍රහාරයට සැක පිට පුද්ගලයින් අට දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

හොරණ තිබ්බොටුගොඩ බැංකුවක් කඩයි

colombotoday

පිළිකා රෝහලට යැයි පවසමින් මුදල් රැස් කල මොහොමඩ්ගෙන් වංචාව වහගන්න මෙහෙයුමක්

colombotoday

නව ලිට්‍රෝ සභාපති මෙන්න

Admin

කොළඹ වරායේ මහා පරිමාණ ඉඩම් ජාවාරමක්… චන්ද්‍රිකාට එරෙහිව පරීක්ෂණ කරන්නැයි අධිකරණය නියෝග කරයි

colombotoday

ජනාධිපති ඡන්දය දැමීම මාධ්‍යවල පෙන්වන්න එපා

Admin

සහල් ආනයනය අපේ ප්‍රතිපත්තිය නෙමෙයි හැබැයි චුට්ටක් ගේනවා

Admin