Colombo Today Local News

තහනම නොතකා ෂැෂේ පැකට් නිෂ්පාදනය කළ සමාගමක් වටලයි

ආහාර සහ ඖෂධ නොවන ෂැෂේ පැකට් නිෂ්පාදනය කිරීම තහනම් කර තිබියදී ෂැෂේ නිෂ්පාදනය කළ කැස්බෑව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඊයේ (22)දින වටලනු ලැබීය.

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මඩපාත, ජබුරලිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් මෙලෙස වටලනු ලැබීය.

මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරනු ලැබූ ෂැෂේ ඇසුරුම් 3000ක් (Scented After Wash) කර්මාන්තශාලාවේ තිබී මධ්‍යම පරිසර අධිකාරිය විසින් සොයා ගන්නා ලදී.

මෙලෙස නිෂ්පාදනය කර තිබූ ෂැෂේ ඇසුරුම් වෙළෙඳපොළටද නිකුත් කර ඇතැයි මෙහි දී අනාවරණය විය. එම ඇසුරුම් වහාම වෙළෙඳපොළෙන් ඉවත් කරගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් අදාළ සමාගමේ බලධාරීන්ට අවවාද කරන ලදී.

නීතියෙන් තහනම් කර තිබියදී ෂැෂේ ඇසුරුම් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගමට විරුද්ධව මධ්‍යම පරිසර අධිකාරිය විසින් නඩු පැවරීමට නියමිතය.

Related posts

ඉන්දියාවට පැන ගිය කොටි බුද්ධි අංශ ලොක්කා දැන් ලංකාවේ !

colombotoday

බන්දුල දේශපාලනයෙන් විශ්‍රාම ගනී?

Admin

අවම බස් ගාස්තුව රු.34 දක්වා පහළට

colombotoday

ආණ්ඩුව රණවිරු දඩයම නීතිගත කරලා.. මහින්දගෙන් මහානාහිමිවරුන්ට විවෘත ලිපියක් !

colombotoday

මා අගමැති වූ වහාම රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා- සජිත්

colombotoday

“මේ ආණ්ඩුවෙන් විවෘත කරන අවසාන උදාගම මෙය විය හැකියි” – 4 වැනිදා පෙරළිය ගැන සජිත්ගෙන් ඉගියක්

colombotoday