Colombo Today Local News

ඩුබායි වල සිටි ලාංකික සිසුන් 197 ක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු  අද (07) දින උදෑසන  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබේ .
 
අද උදෑසන  6.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ මෙම විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු දෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමකට ලක් කෙරුණි .
 
ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් ස්වයංක්‍රීය උෂ්ණත්වමාපක යොදා ගනිමින් මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය ද මැන බැලීම ද සිදු කෙරිණි.
 
ඊට අමතරව මෙම ගුවන් මගීන් තුළ කොරෝනා රෝග ලක්ෂණ තිබේදැයි පෞද්ගලිකව විමසා බැලීමක් ද එම නිලධාරීන් විසින් ගුවන් තොටුපළේ දී සිදු කෙරුණි .

ඉන්පසුව මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි .

Related posts

සමගි ගොවිජන ප්‍රකාශනය එළි දකී

colombotoday

මන්ත්‍රීවරුන්ට සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය නවතයි

colombotoday

මාලිමාව උතුරේ පක්ෂ සමඟ රහස් සාකච්ඡා

Admin

තියුණු ආයුධ රැගෙන කඩාවැදී නිදි යහනේ දී පුද්ගලයකු කපා කොට ඝාතනය කරයි

colombotoday

හිටපු ආරක්ෂක ලේකම් ගුවන්තොටුපළේ රදවාගෙන ප්‍රශ්න කරයි !

colombotoday

තවත් හෙක්ටයාර හැට දහසක වී වගා කිරීමට සැලසුම්

colombotoday