Colombo Today Local News

ජනපතිගේ තීරණයෙන් 60කට පැන්ෂන් අහිමිවෙයි… කෝටි ගණනක් රටට ඉතිරියි !

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ව්‍යවස්ථාපිතව පැවරී ඇති වගකීම් අනුව පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර මාස හයකට පෙර විසිරවීමේ බලය පවතිනවා.

මේ හේතුවෙන් ජනපතිවරයාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමිවන පළමු දිනයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටයි.

ඒ හේතුවෙන් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනා මන්ත්‍රීවරුන් හැටකට පමණ විශ්‍රාම වැටුප අහිමි වනවා. මන්ත්‍රී විශ්‍රාම වැටුප හිමි කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ වසර පහක කාලය සම්පූර්ණ කළ යුතු වීම එයට හේතුවයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හේෂා විතානගේ, සමන් රත්නප්‍රිය, චතුර සේනාරත්න ආදි පසුගිය සමයේ කතාබහට ලක්වූ මන්ත්‍රීවරුන් පිරිසක් ඒ අතර වනවා. මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට ඔවුන් දැඩි විරෝධයක් පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ තීරණය හේතුවෙන් රටට ඉතිරි වන මුදල මිලියන ගණනක් බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

Related posts

හයවන වරටත් GMOA මුල් පුටුව වෛද්‍ය පාදෙණියට

colombotoday

මුහුදු වෙරළේ නාඳුනන මළ සිරුරක්

Admin

TNA නිදහස සමරන්න ආ එඩ්වඩ් රහසේ හමුවෙයි… ෆෙඩරල් ව්‍යවස්ථාවට උදව් ඉල්ලයි

colombotoday

කම්කරු අණ පනත් රැසකට සංශෝධන

colombotoday

රජයට ලැබුණු ආදායම් ගිය වසර තුනේදී පිල්ලි ගහලා

colombotoday

යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වාර්තා ගත අස්වැන්නක්

Admin