Colombo Today Local News

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති-අගමැති හදිසියේ හමුවෙයි….

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්  (22දා) කොටුව ජනාධිපති කාර්යාලයේදී හදිසි හමුවක් පවත්වා ඇති බව වාර්තාවේ.

පැය භාගයකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් සහභාගි වී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සැලකළ කරුණු මෙහිදී අග්‍රමාත්‍යවරයා විසින් ජනාධිපති සිරිසේන මහතාට දැනුම්දී ඇති බවද වාර්තාවේ.

එමෙන්ම ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බවත්, එහිදී පැමිණි එකඟතා අද(23දා) පැවැත්වෙන කැබිනට් හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තාවිය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී එරෙට විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ්, ස්වදේශ කටයුතු ඇමති රාජ්නාත් සිං සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පැවැති සාකච්ඡා පිළිබඳවද මෙහිදී අගමැතිවරයා ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පැමිණි එකඟතා අද (23දා) පැවැත්වෙන කැබිනට් හමුවට දැනුම්දෙනු ඇති බවද රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Ada.lk

Related posts

“විදුලිය කප්පාදු කරන මොහොතක විදුලි බිල ඉහළ දැමීම අසාධාරණයි”

colombotoday

ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Admin

පාස්කු ප්‍රහාරයේදී පුපුරා ගියේ දරුණු අන්තවාදයයි. | කාදිනල්ගෙන් යලිත් යු-ටර්න් එකක්.

colombotoday

එතනෝල් ආනයන බද්ද යළි ඉහළට… රා ලීටරයක බද්ද රුපියල් 50යි

Admin

දහසේ සහන මල්ල එක්ක සතොස දෛනික ආදායම කෝටි 15ක් දක්වා ඉහළට

colombotoday

විජයදාස පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නෑ

colombotoday