Colombo Today Local News

ග්‍රාම නිලධාරින් අදත් අකුරට වැඩ

ග්‍රාම නිලධාරින් අදත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

ඒ , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නියෝජිතයින් සමඟ ඊයේ (28) දින පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් ය.

කෙසේවෙතත් ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාව සකස් නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් විය.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන ග්‍රාම නිලධාරින්ට, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සමග ලබන 4 වැනිදා සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.

ශ්‍රි ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති සුමිත් කොඩිකාර සඳහන් කර සිටියේ, එහිදී ඉල්ලීම් සඳහා සාධනීය විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩව වැඩවර්ජනයකට යොමුවන බවයි.

Related posts

“සාලි අළුත ගෙනා මනමාළි දවටගහ පල්ලියත් කළඹයි“ සාලිට එරෙහිව පල්ලිය ඉදිරියේ විරෝධතා

colombotoday

22ට එරෙහි පෙත්සම් නවයේ විභාගය අවසන්…තීන්දුව කතානායකට

colombotoday

මීගමුවේදී හෙරොයින් ජාවාරම්කරුවෙක් කොටු

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති ඇමති සමඟ සාකච්ඡාවක

Admin

සංචාරක ක්ෂේත්‍රයේ ණය සහනය දීර්ඝ කෙරේ

colombotoday

විධායකය අහෝසි කරන 20වන ව්‍යවස්ථා සංශෝධනය ජවිපෙන් පාර්ලිමේන්තුවට

colombotoday