Colombo Today Local News

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට දැනුම්දීමක්

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට රෝගී තත්ත්වයන් පවතින විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා නොපැමිණීම හේතුවෙන් අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තා වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

ඒ හේතුවන් ගර්භණී මව්වරුන්ට යම් අපහසුතාවයක් ඇත්නම් වහාම රජයේ රෝහල වෙත පැමිණ ප්‍රතිකාර ලබා ගන්නා ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මව්වරුන්ට උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, යෝනි මාර්ගයෙන් අධික රුධිරය හෝ ශ්‍රාවයන් වහනය වීම, බබා දැඟලීම අඩුවීම, ක්ලාන්තය හෝ සිහිසුන් වීම, වලිප්පුව, අධික උදර වේදනාව, සිරුර ඉදිමීම, අධික හිසරදය හෝ අනෙකුත් ඕනෑම අවදානම් ලක්ෂයක් පවතී නම් වහාම රජයේ රෝහලක් වෙත පැමිණෙන ලෙස එම කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටී.

එවැනි අවස්ථාවක ප්‍රතිකාර ගැනීම වහාම සිදුවිය යුතු අතර, කිසිදු කරුණක් නිසා ප්‍රමාද නොකළ යුතු බව ද ඔවුන් අවධාරණය කරයි.

රෝගී මව්වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර පැය 24 පුරා ලබාදීමට සියලුම රජයේ රෝහල්වලට උපදෙස් ලබා දී ඇතැයි ද එම කාර්යංශය සඳහන් කරයි.

ගර්භණී සටහන්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස සලකනු ලැබේ.

සෑම අවස්ථාවකදීම හෝ ගැටලුවක දී, ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 හදිසි දුරකථන අංශය ඇමතිය හැකිය.

ඕනෑම රෝගී අවස්ථාවක දී 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ලබාගත හැකි බව ද එම කාර්යාංශය නිවේදනය කරයි.

Related posts

මේ රටේ හරියට ඉන්න බැරිනම් පව් නොදී ආපු තූත්තිකුඩියකට යන්න: විමල් බදියුදීන්ගේ මූණටම කියයි

colombotoday

සූක්ෂම සඟවා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝවක් නාවික හමුදාව සොයා ගනී

Admin

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

Admin

එජාප-ශ්‍රීලනිප කපුකටම ගිය රන්ජන්ට, අගමැතිකමට අලුත් නමක් ජනපති යෝජනා කරයි

colombotoday

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday

හිස්බුල්ලාගේ බැටික්ලෝ කැම්පස් ගොඩනගන්න ඉඩම ලැබුණු හැටි පාස්කු කොමිසමේ දී හෙළිවෙයි

colombotoday