Covid 19

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1000 ඉක්මවා යයි

පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ද‍හසේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 1039 ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ආසාදිතයින් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 238 දෙනෙකු ද වන බව සඳහන් වේ.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 20,508 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේ අලුතින් හඳුනාගැනුණු ආසාදිතයින් 337දෙනාද සමග ය.

මෙම සියලු ආසාදිතයින්ගෙන් 335 දෙනෙකු මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

සෙසු ආසාදිතයින් දෙදෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බව සදහන් වෙයි.

ඒ අනුව මේ වනවිට ආසාදිතයින් 5921 ක් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

සමස්ත ආසාදිතයින්ගෙන් 14,497 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඊයේ දිනයේ දී ද ආසාදිතයින් 428 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

මේ අතර මෙරට විශාලතම කොවිඩ් පොකුර ලෙස සැළකෙන මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,978 කි.

Related posts

එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 50,000ක් වීමට ඉඩ !

colombotoday

කිලිනොච්චියෙනුත් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි

colombotoday

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday

කොවිඩ් ආසාදිත මරණ 400 ඉක්මවයි

colombotoday

කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට

colombotoday

කොරෝනා වෛරසය ඇමරිකාවේ සෞක්‍ය අංශ දණ ගස්සවයි. රෝගීන් දෙදෙනකුට එක ස්වසන යන්ත්‍රයක් පමණක් ලබාදීමට සිදුවේ.

colombotoday