ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ නිවසේ සිදුවී ඇති මෙම හමුවට ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ද සහභාගී වී ඇත.
පසුගියදා අනාවරණය වූ ජනාධිපතිවරයා සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඝාතන කුමන්ත්‍රණය සහ එය යටගැසීමට ඇතැමුන් දරණ උත්සාහය පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවද පැවසේ.