Colombo Today Local News

ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීමට රජයට සහ ඉස්ලාමීය සමාජයට විශේෂ යෝජනාවලියක්



ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීම සදහා රජය සහ ඉස්ලාමීය සමාජය වෙත අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

01. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීතිය ක‍්‍රියාත්මක වන මොහොතක මෙම ප‍්‍රහාරයේ වගකීම දරන ජාතික තවුහිද් ජමාද් සංවිධානය සහ ඊට වක‍්‍රව හා සෘජුව අනුබද්ධ යම් සංවිධානයක් වේ නම් ඒවා තහනම් කළ යුතුයි. එහි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමත්, ඔවුන්ගේ ව්‍යාපාර සහ සියළු වත්කම් රාජසන්තක කිරීමත්, වෛරී ප‍්‍රකාශ කරන සියළු දෙනා තරාතිරම හෝ දේශපාලනය නොබලා අත්අඩංගුවට ගැනීමත් සිදුකළ යුතුය.

02. රටේ ජාතික ආරක්ෂාවටත් සමාජ ආගමික සංහිදියාවටත් මුස්ලිම් කාන්තාවන්ගේ නිකාබ් හා බුර්කා පැළදීම තහනම් කළ යුතුය.

03. මද්‍රාසා පාසල් වල ඉගැන්වීම සඳහා හෝ අරාබි භාෂා ප‍‍්‍රවර්ධනය සඳහා හෝ ඉස්ලාමීය දේශනා සඳහා මෙරටට විදේශිය ඉස්ලාමීය ගුරුවරු පැමිණ සිටිනවා නම් වහාම ඔවුන් රටින් පිටුවහල් කළ යුතුයි.

04. ස්වේච්ඡා සංවිධාන මෙන්ම ඉස්ලාමීය ව්‍යාපාර සැක කටයුතු අන්දමින් රට තුළ පවත්වාගෙන යන්නේ නම් ඒවා සම්බන්ධ විධිමත් අධ්‍යයනයක් හා පියවර මෙන්ම ඒ සඳහා විදෙස් රටවලින් යම් ප‍‍්‍රතිපාදනයක් ලැබෙන්නේ නම් ඒවා නියාමනය හා අධික්ෂණය විධිමත් කිරීම සඳහා යාන්ත‍‍්‍රණයක් සැකසිය යුතුය.

05. මඩකලපුව විශ්ව විද්‍යාලය හෙවත් කාත්තන්කුඩි ශරියා විශ්ව විද්‍යාලය මෙන්ම බේරුවල, මහරගම, ත‍‍්‍රිකුණාමලය සහ අඕඩච්චාලනය ආශ‍‍්‍රිතව පවත්වාගෙන යන ඉස්ලාමීය අධ්‍යාපන මධ්‍යස්ථාන ශ‍‍්‍රි ලංකා රජයේ විශ්ව විද්‍යාල ප‍‍්‍රතිපාදන කොමිසමේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධික්ෂණයට සහ පාලනයට යටත් කළ යුතුයි.

06. වීසා නොමැතිව මෙරට රැුඳී සිටින මාලදිවයින, පකිස්ථානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශයේ මෙන්ම සියළු ජාතිකයන් වහාම මෙරටින් පිටුවහල් කළ යුතුය.

07. මුස්ලිම් පල්ලි වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සහ ස්ථානීය කටයුතු පිළිබ`ද පරික්ෂා කිරිමේ අවසරය රාජ්‍ය ආක්ෂක අංශ වලට විවෘත කළ යුතුය.

08. ත‍‍්‍රස්ත ක්‍‍්‍රියාකාරකම් සහිත (විශේෂයෙන්ම මුස්ලිම් අන්ත ක්‍රියා සහ ත‍‍්‍රස්ත ක්‍රියා පවතින) රටවලින් ශ‍‍්‍රි ලංකාවට වීසා ඉල්ලූම් කරන අයවලූන් සඳහා විශේෂ වීසා පටිපාටියක් අනුගමනය කළ යුතුය.

09. සියළු රාජ්‍ය බුද්ධි අංශ ශක්තිමත් කර එක් මෙහෙයුම් මධ්‍යස්ථානයකින් පාලනය වන ක්‍රමවේදයක් සහ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කළ යුතුය.

10. දේශපාලන භේදයකින් තොරව ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ විපක්ෂ නායක යන තිදෙනාම ආරක්ෂක කවුන්සිලයේ කටයුතු වලට සෘජුවම දායක විය යුතුය.

Related posts

රට පුරා අදත් තෙල් පෝලිම්.. නැව එන්නේ 09 වැනිදා !

colombotoday

සංහිදියා කයිවාරුකරුවන්ගේ රෙදි ගැළවී වැටෙයි.. සමස්ථ දෙමළ ජනතාවටම ලැජ්ජා කරමින් දෙමළ අන්තවාදීන් තරම පෙන්වයි !

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුව ස්ථීරයි.. අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මමයි – ජෝන් සෙනවිරත්න

colombotoday

මැත් වීමේ සම අයිතිය ඉල්ලා සිනමා නිළියකුත් උසාවි යයි

colombotoday

තම දඬුවම ගැන නැවත සලකා බලන්න – රන්ජන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

colombotoday

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබෙයි

colombotoday