Colombo Today Local News

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව ගෙන ආ තවත් කහ තොගයක් මන්නාරමෙන් සොයාගනී

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද වියළි කහ කිලෝ 1379යි ග්‍රෑම් 960ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු ඊයේ (07)දින මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ලුණු විකිණීමට රැගෙන යන මුවාවෙන් එම කහ තොගය මීගමුව ප්‍රදේශයට රැගෙනයමින් සිටිය දී පොලීසියට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අත්අඩංගුවටගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට එම කහ තොගය ධීවර බෝට්ටු තුළ සඟවා තලෙයිමන්නාරම හා මන්නාරම ප්‍රදේශයට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම, උප්පුකුලම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරදි පුද්ගලයෙකි.

Related posts

ඉෂාලිනිගේ මරණය ගැන රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday

සංචරණය සීමා ලිහිල්වන 25 වැනිදාත් සුරාසල් වසා තැබිය යුතුයි.

colombotoday

විදෙස්ගත ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම නොමිලේ.

colombotoday

ට්‍රම්ප්-මෛත්‍රී හමුවක්…

colombotoday

ඇවන්ගාඩ් වෙනුවෙන් එජාප මන්ත්‍රීන් පෙරට එයි!

colombotoday

කොස්තාපල්වරයකුගේ ගිනි අවිය පත්තු වී සැරයන් රෝහලේ….

Admin