Colombo Today Local News

ඉදිරියේ දී රෝගී තත්ත්ව ව්‍යාප්ත වීම මත රට යලිත් Lockdown කරන්න වෙයි -වසංගත රෝග විද්‍යාං අංශ ප‍්‍රධානී

කොරෝනා වෛරස ආසාදිතයෙකු නොදැනවත්වම සමාජයේ සිටියහොත් ඔහුගෙන් වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

වෙළඳපලවල්, පොදු ප්‍රවාහන සේවා සහ මෑතකදී පැවති මැතිවරණ රැලිවලදී ද පුද්ගල දුරස්ථභාවය ගැන කිසිම තැකීමක් නොකර හැසිරීම දක්නට ලැබුණු බව ද ඔහු පැවසීය.

එම කිසියම් තැනක ආසාදිතයෙකු සිටියේ නම් රෝගය ඉතා ඉක්මනින් පැතිර යනු ඇති බවත් එවිට ආසාදිතයන්ගේ මූලාශ්‍රයන් සොයා ගැනීමට පවා නොහැකි තරම් තත්වය භයානක වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මේ අවස්ථාවේදී රෝග ව්‍යාප්තිය පාලනය කර නොගතහොත් ඉදිරියේ දී රෝගී තත්ත්ව තවත් ව්‍යාප්ත වීම මත පසුගිය කාලවලදී පැවති ආකාරයට සමාජය දැඩි සීමා කිරීමකට පත් කරන්නට වනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

Related posts

වගාවට එන සතුන්ට ඕන දෙයක් කරන්න

Admin

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 35 ක් දිවයිනට

colombotoday

ඉන්ධන සඟවන පිරවුම්හල් සොයා මෙහෙයුම්

colombotoday

මුස්ලිම් ඇඳුමින් බස් නැවතුමේ සිටි කාන්තාව මහනුවර පොලිසියේදී පිරිමියෙක් වෙයි

colombotoday

එජාප ට සජිත් නැතිවීම හූනියම අවසන් වීමක්

Admin

ඩයස්පොරාවේ ඉල්ලීම් 10ක් ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවේ.. ‘ටැමිල් නෙට්‘ හෙළිකරන සිංගප්පූරු සම්මුතිය මෙන්න

colombotoday