Colombo Today Local News

ආවා මඩින්න යාපනයේ පොලිස් පාපැදි මුර සංචාර කණ්‌ඩායමක්‌

යාපනය දිස්‌ත්‍රික්‌කයේ හිස ඔසවා ඇති බව කියන “ආවා ගෲප්” ඇතුළු පාතාල කල්ලි, කොල්ල කල්ලි මැඬලීම සඳහා යාපනය හා කන්කසන්තුරේ පොලිස්‌ කොට්‌ඨාසවලට අයත් පොලිස්‌ වසම් 17 ක්‌ ආවරණය වන පරිදි පොලිස්‌ පා-පැදි මුර සංචාර කණ්‌ඩායමක්‌ ආරම්භ කෙරිණි. යාපනය පොලිස්‌ ස්‌ථාන පරිශ්‍රයෙන් එම පිරිස පිටත්වූහ.

යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති සංජීව ධර්මරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙම පා-පැදි මුරසංචාරය ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ආරක්‌ෂා කිරීමේදී අපරාධ හා ප්‍රචණ්‌ඩත්වයෙන් තොර විශ්වාසයෙන් ජීවත් විය හැකි සාමකාමී පරිසරයක්‌ උදාකරලීමේ ශ්‍රී ලංකා පොලිසියේ දැක්‌ම ක්‍රියාවට නැංවීමේ තවත් එක්‌ පියවරක්‌ ලෙස මෙය ආරම්භ කළ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රියන්ත ජයකොඩි මහතා  ඊයේ (21 වැනිදා) පැවැසීය.

යාපනය වැසියන්ට වඩාත් යහපත් පරිසරයක්‌ උදාකරදීම සඳහා යාපනය ප්‍රදේශයේ අපරාධ නිවාරණ, රථවාහන පාලනය, මත්පැන්, මත්ද්‍රව්‍ය හා වෙනත් දූෂණ වැටලීම්වලට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට නිසි උපදෙස්‌ මෙම කණ්‌ඩායම් වෙත ලබාදී ඇති බවත් එම සංචාරයන් තුළදී සෑම පොලිස්‌ වසමකම තෝරාගත් ස්‌ථාන දෙකකදී ක්‍ෂණික මාර්ග බාධක යොදා සැකකටයුතු වාහන, යතුරුපැදි හා පුද්ගලයන් පරීක්‌ෂාවට ලක්‌ කරනු ලබන බවත් ඒ මහතා කීය.

Related posts

ප්‍රබල මුස්ලිම් ඇමති දෙදෙනෙක් හිටපු ජනපති රහසේ හමුවෙයි.. කරණමකට සූදානම් !!

colombotoday

සිසිල් කොතලාවල කටුනායකදී අත්අඩංගුවට… හදිසියේ ලෙඩ වී රෝහල්ගත කරයි

colombotoday

මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති තෙල් සහ ගෑස් වලින් රටේ ණය මෙන් තුන් ගුණයක ආදායමක් ඉපයිය හැකි

colombotoday

විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගනී !

colombotoday

වෙළඳ පොලේ නාඩු සහල් හිඟයක්

Admin

දැරියව අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවි 4ක් ගැන හෙළි වෙයි | දැනට 32ක් අත්අඩංගුවේ

colombotoday