Colombo Today Local News

අවිස්සාවේල්ලේ “ගවුස්” ගේ ගෝලයෙක් අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම්කරුවකු වන අවිස්සාවේල්ලේ “ගවුස්” නැමැත්තාගේ ගෝලයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 342ක් සමඟ එම සැකකරු ඊයේ (28)දින බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකි.

එම සැකකරු ප්‍රබල කුඩු ව්‍යාපාරිකයෙක් වන අවිස්සාවේල්ලේ ගවුස් නමැත්තාගෙන් කුඩු මිලදී ගෙන බොරැල්ල සහ අවට ප්‍රදේශවල අලෙවි කරන බවට අනාවරණය වී තිබේ.

සැකකරුව අද (29)දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් සිදුකරයි.

Related posts

“සමලිංගික අයිතිවාසිකම් නව ව්‍යවස්ථාවට අැතුළත් කළ යුතුයි“ – ජවිපෙත් සමලිංගික සටනේ

colombotoday

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

Admin

උත්සව සමයේ කූඨ වෙළෙඳුන් සොයා පාරිභෝගික සේවා අධිකාරියෙන් වැටලීම්..

Admin

පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය අක්‍රීය වේ

Admin

නව මුදල් පනත අද සිට බලාත්මකයි

colombotoday

මනෝ තිත්තවැල්ල අත්අඩංගුවට ගන්න

colombotoday