Colombo Today Local News

අලියා පිට නැගී යන ආර්.සම්බන්ධන්ට හා සුමන්තිරන්ට අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධය

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ඊයේ (09) දින වවුනියාවේ විරෝධතාවයක් පැවැත්විය.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණේ වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිටදීය.

විරෝධතාවයේ නිරත වූ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කියා සිටියේ අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා අරඹන ලද සත්‍යග්‍රහයට මේ වනවිට දින 719 ක් ඊයේ(09) දිනට ගෙවුනද අතුරුදහන්වුවන්ගේ ගැටලුව වෙනුවෙන් විසඳුමක් ලබාදීමට සම්බන්ධන් හා සුමන්තිරන් කිසිදු පියවරක් නොගෙන මේ දිනවල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රැකීමේ උත්සාහයක නිරතව සිටින බවටය.

එමෙන්ම තමන්ගේ ඡන්දයෙන් බලයට පත්වූ සම්බන්ධන් හා සුමන්තිරන් ජනතාවගේ ගැටලු පසෙකලා බලය පසුපස පමණක් හඹා යන බවටත් එමගින් දෙමළ ජනතාව තැබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩවී ඇති අතරම ඔවුන් දෙමළ ජනතාවද බිල්ලට තබමින් සිටින බවටය.

අතුරුදහන් වූවන්ගේ ගැටලුව වෙනුවෙන් රජය සමග සාකච්ඡා කිරීමට අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියද ඒ වෙනුවෙන් ආර්. සම්බන්ධන් හෝ සුමන්තිරන් මන්ත්‍රීවරයා කිසිදු පියවරක් නොගැනීම නිසා තමන්ගේ ගැටලුව වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත විසඳුමක් ලබාදිය යුතු බවට තමන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීම් කොට ඇති බවයි.

Related posts

තහනම පුස්සක් වෙයි. අබ්දුල් රාසික් “මුස්ලිම් වාමාංශික පෙරමුණ” නමින් එලියට. අන්තර්ජාලයේත් නිදහසේ සැරිසරයි.

colombotoday

21 වන දා කොළඹ ප්‍රදේශ රැසකට පැය 9ක ජල කප්පාදුවක්

Admin

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උණුසුම් තත්ත්වයක්

colombotoday

මාසයක් ඇතුළත රංජන් රාමනායකට නඩු පවරන්න. ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කරයි

colombotoday

ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

colombotoday

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම ගැන චක්‍රලේඛයක්

colombotoday