Colombo Today Local News

අම්පාරේ සිට කොළඹට ගෙන එමින් තිබූ ඇමෝනියා අත්අඩංගුවට

අම්පාරේ සිට කොළඹ බලා රාත‍්‍රී කාලයේ ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක පිටුපස ඩිකිය කොටසේ තිබී හමුවූ ඇමෝනියා කිලෝ එකසිය පනහක තොගය කාගේ උවමනාවක් මත ගෙනෙන ලද්දැක් ද යන්න පිළිබඳව සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් අරඹා ඇති බව රත්නපුර පොලීසිය පවසයි.

ඊයේ (9දා) රාත‍්‍රියේ රත්නපුර නගරයේ වාහන සෝදිසි කිරිමක දී අම්පාරේ සිට කොළඹ බලා යමින් තිබූ පුද්ගලික බස් රථයක් පරීක්‍ෂා කිරීමේ දී කිලෝග‍්‍රෑම් 150 ග‍්‍රෑම් 180ක් බරැති කැට ලෙස තිබූ ඇමෝනියා පාර්සලයක් හමුව තිබේ.

එහි අයිතිකරුවෙක් මගීන් අතර නොසිටි නිසාත් පාර්සලය බස් රථයේ පිටුපස ඩිකිය තුළින් හමුවූ  නිසාත් එය දැමූ පුද්ගලයා පිළිබඳව නොදන්නා බව පැවසීමෙන් කොන්දොස්තරවරයා සහ රියාදුරා පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණි.

අත්අඩංගුවට පත් රියදුරා සහ කොන්දොස්තරවරයා මෙම ඇමෝනියා තොගය බස් රථයේ ඩිකියට ඇතුළු කිරීම නොදන්නේ නම් බස් රථයේ අයිතිකරු විසින් එය කළේ ද යන්න සොයා බැලීම සඳහා අයිතිකරුගෙන් ප‍්‍රශ්න කිරිමට පොලීසියේ අවධානය යොමුව ඇති බවද පොලීසිය පැවසුවේය.

අම්පාරේ සිට මේ ඇමෝනියා තොගය බස් රථයෙන් එව්වේ කාටද, කුමක් සඳහා ද යන්න ගැන හෙළි කරගැනීම තුළින් අපරාධ සැලසුමක් ඇද්දැයි අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

Related posts

Duty Free පහසුකම ඉහළ දැමීමට යෝජනාවක්

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව දේශපාලන හස්තයක් – අළුත්ගම සිද්දියට නඩු දාන්න නීතිපති උපදෙස් පතයි

colombotoday

ජාතිවාදය අවුලමින්, නීතිය හැල්ලු කල අසාද් සාලිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

කුකුළේට මිලි මීටර් 150 වෙනකොට අපට කීවනම් ගංවතුර අඩුකරගන්න තිබුණා

colombotoday

අනුරාධපුරේ හිමිවරු 8 නමක් උපවාසයක

colombotoday

කාබුල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි

colombotoday