Colombo Today Local NewsUncategorized

“අපි දැන් මොනව කීවත් මිනිස්සු ගණන් ගන්නේ නෑ… දූෂණ ගැන කියන්න ගියාම අපට හිනාවෙනවා”

දූෂණ වංචා ගැන කියද්දී රටේ ලෝකේ අය තමන්ට හිනාවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමානායක මහතා ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගිය දිනක අයවැය පිළිබදව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පැවැත්වූ නේවාසික වැඩමුළුවකදීය. ‘පසුගිය මාස දහයට කාවද ඇල්ලුවේ, කාවද හිරේ දැම්මේ කියල මිනිස්සු අහනවා. දැන් අපි මොනව කීවත් මිනිස්සු ගණන් ගන්නේ නැ’ යනුවෙන්ද මන්ත්‍රීවරයා එහිදි පවසා ඇත.

රන්ජන් මෙසේ ප්‍රකාශ කර ඇත්තේ එම වැඩමුළුවේදී අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පසුගිය රජය සම‍යේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සිදුවූ මහා පරිමාණ දූෂණයක් ගැන කරුණු කියූ අවස්ථාවේදීය.

කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා එම අවස්ථාවෙදී ‘මේ චෝදනාවත් තවත් එක මාධ්‍ය සංදර්ශනයක් පමණක් වේවි. මාධ්‍යවලින් සද්දෙ දාල විමර්ශන පටන් ගන්නවා. නමුත් අන්තිමට නටපු තොවිලෙකුත් නෑ බෙරේ පළුවකුත් නෑ’ යනුවෙන් පවසා ඇත.

Related posts

“සජිත්ට එජාප නායකත්වය නොදුන්නොත් සිරිකොත වටලනවා.” – පා.ම දිලිප් වෙදආරච්චි

colombotoday

අප්‍රිකානු අහසේ සාමය සදන්න අපේ හෙලිකොප්ටර් බලගණයක් යයි.

colombotoday

සජිත්-මද්දුමබණ්ඩාර UNPයෙන් දොට්ට ? සජිත්ගේ සන්ධානයේ තනතුරුලාභීන්වත් එජාපයෙන් පන්නයි !

colombotoday

හරක් කටා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

Admin

“ඉන්දන නොමැති බවට පළවෙන ප්‍රචාර අසත්‍යක්”

colombotoday

බස් ගාස්තු සංශෝධනයේ වෙනසක් නැහැ

Admin