Colombo Today Local NewsCovid 19

අටුළුගම ගිය කහවත්තෙ පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායනයට

බණ්ඩාරගම අටුළුගම සිට කහවත්ත නුගවෙල ප්‍රදේශයට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු  අද (28) නිවාස දෙකක නිරෝධායනයට යොමු කර තිබේ.                                                         

ඔවුන්ගේ නිවාස තුළම නිරෝධායනයට යොමු කර තිබෙන බව සබරගමුව පළාත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවසීය.                 

කහවත්ත නුගවෙල පදිංචි පුද්ගලයෙකු ඇඳීරී නීතිය ඉවත් කිරීමෙන් පසු අටළුගම පදිංචි තම දියණිය සහ බෑණා රැගෙන ඒමට ත්‍රීරෝද රථයක් කුලියට ගෙන ගොස් ඇතැයි හෙළී වී තිබේ.                                             

කුලි ගමන ගිය ත්‍රීරෝද රථ රියදුරු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් , අටුළුගමට දියණිය කැඳවා ගෙන ඒමට ගිය තැනත්තා සහ අටුළුගම සිට පැමිණි එම කාන්තාව ඇයගේ ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ අය මෙසේ නිරෝධායනයට ලක් කර තිබේ. ඔවුන් ඇසුරු කළ තවත් අය සිටිදැයි සෞඛ්‍ය අංශ පරීක්ෂණ සිදුකරන බව සබරගමුව පළාත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවසීය.

Related posts

ඛනිජ ප්‍රවාහනය බලපත්‍ර ක්‍රමය තාවකාලිකව අහෝසියි කරයි

colombotoday

Video – බදුර්දීන්ගෙන් විල්පත්තුව බේරා, පරිසරයට යුක්තිය දෙන්න පරිසරවේදියෝ වීදි බසිති

colombotoday

හැටන් අනතුරට හේතුව හෙළිවේ

Admin

සමාජ මාධ්‍ය පාලනයට නව පනතක්..

colombotoday

ඩොලරය රු. 375ට නගී

colombotoday

වගා හානි වීම් තක්සේරු කිරීම් කඩිනම් කරන්නැයි උපදෙස්

Admin