Colombo Today Local News

“අර‍ ලේ” “මේ ලේ” කියන උන් පිරිසක් මොලේ ඇති නායකයන් දෙදෙනාගේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න හදනවා – සජිත්

12596115_1229987223696002_1234085031_n

” අර ලේ ” “මේ ලේ “කියමින් නැවත ජනවාර්ගික අර්බුදයක් ඇති කර, රට ආපස්සට හැරවීමට දකුණේ අන්තවාදින් පිරිසක් මාන බලමින් සිටින බව නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ගරා වැටුනු දේශය සංහිදියාවෙන් ශක්තිමත් කිරීමට හැකි අවංක නායකයන් දෙදෙනෙකු පත් කර ගැනීමට හැකි වීම ජනතාව ලැබු ජයග්‍රහණයක් බවයි ඔහු සදහන් කලේ. “අර ලේ” “මේ ලේ” කියමින් සූක්ෂම ලෙස ජනතාව නොමග යවා අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ප්‍රෝඩාකාරි ජාතිකත්වයක් මවා පා මොලේ ඇති වත්මන් නායකයන් දෙපල කරන වැඩ පිලිවෙල අතරමග කඩාකප්පල් කිරීමට යම් පිරිසක් උත්සහා දරමින් සිටින බවට අමාත්‍යවරයා චෝදනා කලා.

අර ලේ මේ ලේ යැයි ප්‍රකාශ නිකුත් කරමින් සිටින වුන් සිතා සිටින්නේ මෙරට ජනතාවට මොලේ නැති බව යැයි අමාත්‍යවරයා සදහන් කල අතර ජනතාව දේශද්‍රෝහි තුට්ටු දෙකේ ව්‍යපාර වලට ආකර්ශනය නොවීම නිසා මොලේ ඇති සහ මොලේ නැති කොටස් පැහැදිලිව හදුනා ගැනීමට හැකියාව ඇති බවයි ,අමාත්‍යවරය වැඩි දුරටත් කියා සිටියේ.

Related posts

පාඩුව මිලියන 11145ක් පමණද? බැදුම්කර කොල්ලයෙන් ආර්ථිකයට එල්ලවූ මාරාන්තික ප්‍රහාරයේ තරම මෙන්න

colombotoday

මංගලගේ මංගල අයවැයි “දේදුනු අනන්තයේ” සිට හැදෙයි !

colombotoday

කුරුණෑගල හිටපු නගරාධිපති චෝදනා 11කට වැරදිකරු වෙයි

Admin

යුරෝපීය වාහන එකලස් කරන්න කුලියාපිටිය සූදානම්.. කම්හලට අද මුල්ගල තැබෙයි

colombotoday

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ජනපති හමුවෙයි

colombotoday

පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF භාරයට

Admin