Colombo Today Local News

හවුලක් නැතිව තනියෙන් එන අය භයානකයි… ගෝඨා නිසැකවම පැරදවිය යුතුයි…

දේශපාලන පක්ෂයක සහයෝගයක් නොමැති තනි පුද්ගලයෙක් හෝ පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම තවදුරටත් වලංගු නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩනගා ඇති ජාතික ජන බලවේගය රට වෙනස් කළ හැකි ව්‍යූහයකින් සමන්විත බවයි.

යටත් වැසියන්ගේ මානසිකත්වයෙන් කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අහිතකර බවයි ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේ.

සියලු ප්‍රතිවාදී අපේක්ෂකයන්ට අභියෝග කළ හැකි ප්‍රභල අපේක්ෂකයෙකු ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනාධීපතිවරණයට ඉදිරිපත් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අනාවරණ කළේ අනිද්දා කොළඹ පැවැත්වෙන රැළියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත එම අපේක්ෂකයා පක්ෂයේම සාමාජිකයෙකු බවයි.

රටතුල ප්‍රජාතන්ත්‍රවාදය අනතුරකට ලක්ව ඒකාධිපති පාලනයක් කරා ගමන් කිරීමේ අවදානමක් ඇති බැවින් මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර නියෝජනය කරමින් ඉදිරිපත්වන අපේක්ෂකයා පරාජයට පත් කළ යුතුව ඇති බවද ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළා.

Related posts

ගොයම් කහ පැහැවීමට හේතුව හෙළිවෙයි

Admin

අස්වැසුම වැඩසටහන හරහා සමෘද්ධි ප්‍රතිලාභය අහිමිවූවන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකියි.

Admin

අපි ණය අරන් රටම සංවර්ධනය කළා.. මේ රජය ඩොලර් මිලියන 6000ක ණය අරන්, බෝක්කු කටක් හදල නෑ

colombotoday

මධුෂ්කගේ ගෝලයා කංජිපානි ඉම්රාන් කටුනායකදී අත්අඩංගුවට…

colombotoday

අලුත් අවුරුදු දා රිය අනතුරු 121ක් – 10ක් මරු දකී

colombotoday

දින 3 ක් ගියත් ලක්ෂණ මතුනොවන මෙවර ඩෙංගු වෙනස් ස්වරූපයෙන්.. හඳුනගන්න හැටි මෙන්න

colombotoday