Colombo Today Local News

සියළුම පොලිස් ස්ථානවලට අනියුක්ත නිලධාරීන් ගැන වාර්තාවක් කැඳවයි

දිවයිනේ සියළුම පොලිස් ස්ථානවලට අනියුක්ත පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම, වැඩ බලන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ.

එක් – එක් පොලිස් ස්ථානවලට අවශ්‍ය කරන නිලධාරීන් ගණන සහ එක් – එක් පොලිස් ස්ථානවල රාජකාරී කරන නිලධාරීන් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම තොරතුරු ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

දිවයින පුරා පොලිස් ස්ථාන 489 ක් පවතින අතර ඇතැම් ස්ථානවල නිලධාරීන් අතිරික්තයක් පවතින බවත්, ඇතැම් පොලිස් ස්ථානවල නිලධාරීන් හිඟයක් පවතින බවටත් තොරතුරු වාර්තාවෙයි.

ඇතැම් පොලිස් ස්ථානවලට නිලධාරීන් විශාල පිරිසක් අනියුක්ත කර සිටිය ද, ඔවුන්ගෙන් වැඩි පිරිසක් විශේෂ රාජකාරීවලට යොදවා තිබේ. සිය පහසුව සඳහා ඇතැම් පොලිස් නිලධාරීන් තමන් පදිංචි ප‍්‍රදේශවලම විශේෂ රාජකාරී සඳහා යොමු වීමට උත්සාහ දරණ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම තත්ත්වයන් හේතුවෙන් ඇතැම් පොලිස් ස්ථානවල සාමාන්‍ය කටයුතු සිදු කරගෙන යාම අපහසු වී තිබේ. ඉහත තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනුයි ජාතික පොලිස් කොමිසම අදාළ වාර්තාව ඉල්ලා ඇත්තේ.

ඒ අනුව ජාතික පොලිස් කොමිසම ඉල්ලා ඇති වාර්තාව සකස් කිරීම වැඩ බලන පොලිස්පතිවරයා විසින්, සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්. එස්. පතිනායක වෙත පවරා ඇති බව ද වැඩිදුරටත් වාර්තා විය.

Related posts

කොවිඩ් 19 හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුළු වැරදිමත රඳවා සිටි 18 ක් ඇප මත නිදහස්

colombotoday

බස් වර්ජනය අවසන් වෙන්න හේතුව මෙන්න

Admin

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

22ට එරෙහි පෙත්සම් නවයේ විභාගය අවසන්…තීන්දුව කතානායකට

colombotoday

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමට රජය සැරසේ

colombotoday

තලංගම බෝම්බ පිපිරීමක්.. තිදෙනෙක් මරුට !

colombotoday