World

සියදිවි හානිකර ගත් බොලිවුඩ් නළු සුෂාන්ට් සිං ගේ පෙම්වතිය අත්අඩංගුවට

ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු වූ සුෂාන්ට් සිං රාජ්පුට් ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය, මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා යටතේ, ඔහුගේ පෙම්වතියව සිටි රියා චක්‍රබෝර්තිව මුම්බායි හිදී ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇයගේ දුරකථනයේ WhatsApp සමාජ මාධය හරහා හුවමාරු වී ඇති පණිවුඩ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ සහ දවස් 3ක් පුරා සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මීට සතියට පෙර ඇයගේ සහෝදරයා වන ෂොවික් චක්‍රබෝර්ති සහ සුෂාන්ත් සිං රාජ්පුට්ගේ නිවසේ කලමණාකරු වන සැමුවෙල් මිරැන්ඩා යන දෙදෙනා අත්අඩංගුවට ගත්තේ ද මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා යටතේමය.

ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය මීට පෙර මුම්බායි කේන්ද්‍ර කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්තඩංගුවට ගෙන තිබුණු අතර, ෂොවික් සහ මිරැන්ඩා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙසය.

රාජ්පුට්ගේ මළසිරුර ඔහු ජීවත්වූ මහල් නිවාසයේ තිබී පසුගිය ජූනි 14 වෙනි දින සොයාගන්නා ලද අතර පොලීසිය ප්‍රකාශ කළේ එය සියදිවි හානිකර ගැනීමක් බවය.

කෙසේ වෙතත් රාජ්පුට්ගේ ඥාතීන් සහ රසිකයින් චෝදනා කරන්නේ එය ඝාතනයක් හෝ සියදිවි නසා ගැනීමට පෙළඹවීමක් බවය.

මෙම බොලිවුඩ් සිනමා නළුවා හැදී වැඩුණේ ඉන්දියාවේ දිළිඳු ප්‍රාන්තවලින් එකක් වන බිහාර් ප්‍රාන්තයේය.

දැඩි කැපවීමකින් කටයුතු කළ සුෂාන්ත් ඉන්දියාවේ ඉහළම මට්ටමේ ඉංජිනේරු විද්‍යායතනයකට ඇතුල්වීමට සුදුසුකම් ලැබුවේය.

එවැනි අවස්ථාවක් ලැබීම ඉන්දියාවේ සලකනු ලබන්නේ මධ්‍යම පන්තික පවුලකට දීප්තිමත් අනාගතයක් උදාවීමක් ලෙසිනි.

එහෙත් සුෂාන්ත් ගේ සිහිනය වූයේ ඉංජිනේරුවකු වීම නොව රඟපෑමය.

එම සිහිනය මුදුන්පත් කර ගැනීමේ අභිලාෂයෙන් ඔහු බිහාරයෙන් ඉවත්ව හින්දි සිනමා කර්මාන්තයේ ‘බොලිවුඩ්’ පුරය පිහිටි මුම්බායි කරා සංක්‍රමණය විය.

සුෂාන්ත් වඩාත්ම ජනප්‍රියත්වයට පත් වූයේ, MS Dhoni: The Untold Story චිත්‍රපටයේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං ධෝනිගේ චරිතයට පණ පෙවීම හේතුවෙනි

Related posts

සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඇමෙරිකාව වේගවත් කරයි

colombotoday

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි

colombotoday

වෛද්‍යවරුන්ට අහසින් යන්න ක්‍රමයක් : පරීක්ෂණය සාර්ථක වන ලකුණු

colombotoday

පුජකයන් සහ කන්‍යා සොහොයුරියන් අසභ්‍ය දර්ශන නරඹනවා. යක්ෂයා එතනින් ඇතුල් වෙනවා. – පාප් තුමාගෙන් හෙළිදරව්වක්.

colombotoday

බුර්කාව එපා…!!! මන්ත්‍රීවරිය බුර්කාවක් හැද පාර්ලිමේන්තු එයි..

colombotoday

ඉස්ලාම් ත්‍රස්තයෙක්, බ්‍රසල්ස්හිදී පොලිස් නිලධාරියෙකුගේ බෙල්ල කපා පැන යයි

colombotoday