World

සැඟවී සිටි ට්‍රම්ප් එලියට එයි හමුදාව යොදවා විරෝධතාවන් මැඩ පවත්වන බවට අනතුරු ඇගවීමක්

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනයට එරෙහිව පැවැත්වෙන අමෙරිකාවේ විරෝධතාවයන් පාලනය කිරිමට ප්‍රාන්ත බලධාරින් ක්‍රියා නොකරන්නේ නම් තමන් හමුදාව යොදවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටි.

” මමයි ඔබේ නීතිය හා සාමය පිලිබඳ ජනාධිපති. නගරාධිපතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් ඇතිව තිබෙන ප්‍රචණ්ඩත්වය පාලනය කිරිමට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි. යම් ප්‍රාන්තයක හෝ නගරයක ජිවත් වන ජනතාවගේ ජිවිත හෝ දේපළ ආරක්ෂා කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් මම හමුදාව යොදවා ඉක්මනින්ම ගැටළුව විසඳා දීමට අවශ්‍ය පියවර ගන්නවා” යැයි ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ රෝස් ගාර්ඩ්න් හිදී ප්‍රකාශ කර සිටියා.

පසුගිය දින කිහිපයේදී ඇතිවූ විරෝධතා හේතුවෙන් ජනාධිපතිවරයාව ධවල මන්දිරයේ පිහිටි භූගත ආරක්‍ෂිත බංකරයකට රැගෙන යාමට ආරක්ෂක අංශ හට සිදුවුවා.

කෙසේ වුවත් ජනාධිපති ට්‍රම්ප් ඊයේ දිනයේදී ධවල මන්දිරයේ සිට ශාන්ත ජෝන් දේවස්ථානය වෙත පාගමනින් ගොස් සිය ගෞරවය දක්වා සිටියා. පසුගිය ඉරිදා ඇතිවූ විරෝධතාවයේදී එම දේවස්ථානයේ බිම් මහලේ ගින්නක් හට ගනු ලැබිය.

මෙම දේවස්ථානයට අමෙරිකානු ජනාධිපතිවරුන් රැසක් ආගමික වතාවත් වලට සහභාගිවූ බැවින් එයට ” ජනාධිපති දේවස්ථානය” ලෙස අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයාට දේවස්ථානය වෙත යාම සඳහා ආරක්ෂක භටයින් විසින් එය ඉදිරිපිට රැස්ව සිටි විරෝධතාකරුවන්ට රබර් උණ්ඩ වෙඩි ප්‍රහාරයක් සහ අශ්වාරෝහක සෙබළුන් යොදවා පිරිස විසුරුවා හැරියා.

එසේ දේවස්ථානය අසලට පැමිණි ජනාධිපතිවරයා සිය අතෙහි බයිබලයක් ද තබා ගෙන ජයාරූපයකටද පෙනී සිටිය අතර ඔහුගේ ජනාධිපතිවරයාගේ මෙම කෙටි සංචාරය සඳහා ධවල මන්දිරයේ ප්‍රධානින් හා ආරක්ෂක අංශ ප්‍රධානින් එක්ව සිටිය.

Related posts

අල්කයිඩා සංවිධානයේ උතුරු අප්‍රිකානු නායකයා හමුදා ප්‍රහාරයකින් ජිවිතක්ෂයට

colombotoday

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

colombotoday

“ඉරානය සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක” – ට්‍රම්ප්

colombotoday

ආයුද සන්නද්ධ යතුරුපැදි කරුවන් නයිජර් රාජ්‍යයේ සිවිල් වැසියන් 137ක් වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා සිය දිවි නසා ගනී..

colombotoday

ඉස්ලාම් සංක්‍රමණිකයන්ට පහර දෙන්න කළු ඇදගත් 100ක් ස්වීඩනයේ අගනුවරට රැස්වෙයි

colombotoday