Colombo Today Local News

ශිෂ්‍යත්ව විභාගය හෙට

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (11)දින පැවැත්වීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදාළ කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙවර ශිෂ්‍යත්ව විභගය සඳහා සිසුන් 331,694 දෙනෙකු අයදුම්කර ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සිංහල මාධ්‍යයෙන් සිසුන් 248,072 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අතර දෙමළ මාධ්‍යයෙන් සිසුන් 83,622 දෙනෙකු ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටී.

මේ අතර කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින සිසුන්ට විභාගයට පෙනි සිටීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේය.

Related posts

බාල කොවිඩ් ඇඳුම් සැපයූ සමාගමට යළිත් කොන්ත්‍රාත්තුවක් – ජීවානුහරණය නොකෙරු අත්මේස් සැපයීමටත් අනුමැතිය

colombotoday

දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් අය අල්ලන්න පොලිසිය උදව් ඉල්ලයි

colombotoday

පාසලක බිත්ති දෙකකට සිරවූ දැරියක් බේරා ගනී

Admin

බසයක් සහ බවුසරයක් ගැටෙයි

Admin

ඇඳිරි නීතිය කඩකළ 12ක් අත්අඩංගුවට

colombotoday

කොටි ආයුධ සැපයුම්කරු රෙජී ගේ ඉන්ටර්පෝල් රතු වරෙන්තුවත් ඉවතට !

colombotoday