Colombo Today Local News

ශ්‍රී ලංකා හමුදාව පෝරකයට ගෙනියන්න හැදු ලීනා අධිකරණයේදී වැරදිකාරිය වේ

ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව නිපදවූ ‘නෝ ෆයර් සෝන් – කිලිං ෆීල්ඩ් ඔෆ් ශ්‍රී ලංකා’ (No fire zone – Killing field of Sri Lanka) චිත්‍රපටය මැ‍ලේසියානු නීති උල්ලංඝනය කරමින් ප්‍රදර්ශනය කිරීමට එරෙහිව එරට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ලීනා හෙන්රි (Lena Hendry) වැරදිකාරිය බව එරට මහෙස්ත්‍රාත් අධිකරණය පෙරේදා (21) තීරණය කර තිබේ.

ඇය මෙම චිත්‍රපටයේ රඟපෑ අතර එය 2013 වසරේ ජූලි 09 වැනි දා එරට මානව හිමිකම් වැඩසටහනක් අතරතුර ප්‍රදර්ශනය කර ඇත්තේ මැ‍ලේසියා වාරණ මණ්ඩලයේ අනුමැතියකින් තොරවය.

ඇය වැරදිකාරිය බවට තීන්දු කළ එරට මහෙස්ත්‍රාත් මොඩ් රෙහාන් මොඩ් අරීස් (Mohd Rehan Mohd Aris) පවසා ඇත්තේ විත්තිය පැමිණිල්‍ලේ සාක්ෂි බිඳ හෙළීමට අසමත් වූ බවය.

ඒ අනුව ඇය පෙර නියමකර තිබූ ඇප මතම මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා දඬුවම් නියම කිරීම එළැඹෙන මාර්තු 22 දාට කල් තබා ඇත.

එහි දී එරට වාරණ මණ්ඩලයේ 6(1) බි වගන්තියට අනුව වැරදිකාරිය වී ඇති බැවින් වසර 3ක සිරදඬුවමක් සහ දඩ මුදලක් පැනවීමට හැකි අතර මේ දෙකම වුව ද නියම කිරීමට අධිකරණයට බලය ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඇය එරට ක්‍රියාත්මක මානව හිමිකම් චිත්‍රපට ජාලයේ (Human Rights Film Network) සාමාජිකාවක වන අතර ඔවුන් සඳහන් කර තිබුණේ තමන් මෙම තීන්දුවෙන් කම්පාවට පත්වූ බවය.

Related posts

රට රත්කළ ලැම්බොගිනියේ අයිතිකරු හෙළිවෙයි !

colombotoday

ජනපතිට “වෙඩි තියනවා“ කියා ෆේස්බුකියේ ලියූ තරුණයෙක් රිමාන්ඩ් කරයි !

colombotoday

ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට වාහන ගෙන්වන්නේ නැහැ

colombotoday

වසර 397කට පසු බ්‍රහස්පති සහ සෙනසුරුගේ මහා ග්‍රහ සංයෝජනයක්

colombotoday

රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි

colombotoday

තැපැල් ඡන්දේ එනවා පඩි වැඩි කරලා තියෙන්නේ

Admin