Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා ඇමතිට එරෙහිව නුවන් සොයිසා නඩු මගට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පන්දු යවන්නෙක් වන නුවන් සොයිසා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිපදෙනෙකුට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නඩු මගට පිවිස තිබේ. රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඔහු ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් කළමණාකරු ධනංජය සිල්වා, ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් සහ ක්‍රිකට් නිසි බලධාරී චූලානන්ද පෙරේරා යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබේ. සීඒ/ඩබ්ලිව්ආර්අයිටී/51/2019 (CA/WRIT/51/2019)යන අංකය යටතේ පෙරේදා (12දා) දිනයේදී මෙම පෙත්සම ගොනු කිරීමට සොයිසා කටයුතු කර තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මසදී නුවන් සොයිසාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ ආචාරධර්ම පද්ධතිය කඩ කිරීමේ චෝදනාව යටතේ චෝදනා එල්ල වී තිබුණි. එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ, සොයිසාට අයි.සී.සී. ආචාරධර්ම පද්ධතිය කඩ කිරීම යටතේ චෝදනා තුනක් එල්ල වී ඇති බවයි.

ඒ අනුව තරගයක් පාවා දීමට උත්සාහ කිරීම, ඒ වෙනුවෙන් අන් අයව පොළඹවා ගැනීම හා දූෂණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා ලෙස දැක්වුණි.

Related posts

ජෛව ආරක්ෂණ බුබුලෙන් පිට ගිය මෙන්ඩිස්ට, දික්වැල්ලට සහ ධනුෂ්කගේ තරග තහනම වසරකින් අඩු කර දඩය කෝටියක් කරයි

colombotoday

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

colombotoday

මෙසී ප්‍රේක්ෂකයින් නිසා සමුගැනීමේ තීරණය වෙනස් කරයි

colombotoday

හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

colombotoday

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා යුපුන් අද ඔලිම්පික් තරඟ බිමේ

colombotoday

ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ නව සභාපති මන්ත්‍රී ප්‍රේමනාත්

colombotoday