Colombo Today Local News

විධායක ජනපති සතු බලතල සිමා නොකළ යුතුයි – තොණ්ඩමන්

විධායක ජනාධිපති සතු බලතල සිමා නොකළ යුතු බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තෝණ්ඩමන් පැවසිය.

ආරුමුගන් තොණ්ඩමන් මහතා මේ බව කියා සිටියේ ඊයේ (02) හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි තම පක්ෂයේ සමාජිකයන්ට ඊ තාක්ෂණය පිළිබඳව හඳුන්වාදිමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආරුමුගන් තොණ්ඩමන් මහතා කියාසිටියේ විධායක ජනාධිපතිවරයාට සියලු බලතල තිබිය යුතු බවත්, විධායක ජනාධිපතිවරයාට බලතල තිබේ නම් එය සුළු ජාතින්ට අයිතිවාසිකම් දිනාගත හැකි බවයි.

රට පාලනය කල විධායක ජනාධිපතිවරුන් සහ වත්මන් ජනාධිපතිවරයා වතු කම්කරුවන්ගේ ගැටලු වලට යම්තාක් දුරට විසදුම් ලබා දි ඇති බවත්, ඉදිරියේදි පත් වන ජනාධිපතිවරයාගෙන්ද වතු කම්කරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් විසදුම් ලබා ගැනිමට අදහස් කරන බවයි.

ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි තම පක්ෂය විසින් සකස් කර ඇති වතු කම්කරුන්ට බලපාන ගැටලු 32 හදුනාගෙන ඇති බවත්, එම ගැටලු වලට විසදුම් ලබාදෙන ජනාධිපති අපේක්ෂකයාට තම පක්ෂයේ පුර්ණ සහයෝගය ලබා දිය යුතු බවයි.

වතුකරයේ ප්‍රධාන නගර සහ වතු ආශ්‍රිතව තිබෙන මත්පැන් සැල් වසා දැමිම ,වතුකරයට විශ්ව විද්‍යාලයක් ලබා දිම , වතු ආශ්‍රිතව තිබෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් ඉඩම් වතු කම්කරුවන්ට කොටස් කර බෙදා දිම ඇතුළු කරුණු ගණනාවක් ඇති බවයි තොණ්ඩමන් මහතා කියා සිටියේ.

ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් හදුන්වාදුන් ඊ තාක්ෂණය ඔස්සේ එම පක්ෂයේ සමාජිකයන්ට තේ වතු ආශ්‍රිතව පරිපාලනය සමග තිබෙන ගැටලු සහ වතුකම්කරුවන්ගේ යටිතල පහසුකම් නංවාලිම පිළිබඳව සෘජුවම ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකත්වය සමග සහ එක් එක් අංශ සදහා ගැටලු විසදිමට පත් කර ඇති ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයින් සමග සාකච්ඡා කල හැකි බවයි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නගර ආශ්‍රිතව තිබෙන කාර්යාල වලට ලබා දි ඇති ටැබ් පරිගණක හරහා ජංගම දුරකථනය ඔස්සේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයා සහ සෙසු නිලධාරින් සමග සෘජුවම විඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වි ගැටලු විසඳිමට මේ තුළින් අවස්ථාව සැලසේ .

මෙම මාධ්‍ය සාකච්ඡාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සහ ඌව පළාත් සභා මන්ත්‍රි සෙන්දිල් තොණ්ඩමන් , ජ්‍යෙෂ්ඨ උපසභාපති එම්.රමේෂ්වරන් මහතාද සහභාගි විය.

Related posts

‘රන්ජන් මෙතන හිටියානම් හොම්බට දෙකක් ගහනවා’ – එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ගිනියම් වෙයි…

colombotoday

මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් පාර්ලිමේන්තුවේ ඊළගට කරන දේ ප්‍රසන්න රණවීර කියයි..

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුවක් වැනි පැල්ලමක් චන්ද්‍රිකා ඡායාරූපවල | නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වනවා ද?

colombotoday

මේ වගේ පොලිස්පති කෙනෙක් ගැන අපිට ලැජ්ජයි – ජනපතිගෙන් පොලිස්පතිට දොස් මුරයක්…

colombotoday

මෙරට ඉඩම් මැනීම ඇමරිකානු සමාගමකට.. රජයේ මිනින්දෝරුවෝ සේවයෙන් ඉවතට..

colombotoday

මෛත්‍රීට රට කරන්න පුලුවන්ද ? බැරිද? රට අච්චාරුවක් වෙලාද? – ජනතාව කියන කතා මෙන්න

colombotoday