දැනට පවතින පුරප්පාඩු සඳහා ඩිප්ලෝමාධාරි ඉංග්රීසි ගුරුවරුන් වයඹ පළාත් ගුරු සේවයට බඳවා ගැනීමේදී ඒ සඳහා මුස්ලිම් ජාතික අයදුම්කරුවන්ට හිටපු ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් විසින් විශේෂයක් කර ඇති බව වාර්තා වෙනවා.
1වන සම්මුඛ පරීක්ෂණය කැඳවා ඇත්තේ මොහොමඩ් මුසම්මිල් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරධූරය දරන අවස්ථාවේදී බවත් ඒ සඳහා කැඳවා තිබූ අයදුම්කරුවන්ගෙන් 50% කට අධික ප්රමාණයක් මුස්ලිම් ජාතික අයදුම්කරුවන් බවත් වයඹ ආණ්ඩුකාර කාර්යාල ආරංචි මාර්ග පවසයි.
හිටපු ආණ්ඩුකාරවරයා ජාතිවාදී ලෙස කටයුතු කිරීම හේතුවෙන් අනෙකුත් අයදුම්කරුවන්ට අසාධාරණයක් සිදුවී ඇති බැවින් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා සාදාරණයක් ඉටුකිරීමට කටයුතු කල යුතුව ඇත.