Colombo Today Local News

ලැබීමට නියමිත ‘ලෝකයේ හොදම පාර්ලිමේන්තුව‘ සම්මානයට කැළලක්… රන්ජන් අඩියක් පස්සට ගනී…

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ලොව හොඳම මොඩලයේ පාර්ලිමේන්තුවට හිමි සම්මානය හිමි වීමට නියමිත නිසාත් එවිට තමන් ගෙන යන සටන ජාත්‍යන්තර වශයෙන් ඊට හානිදායක විය හැකි නිසා එය නතර කරන්න යැයි කතානායක ඉල්ලා සිටි නිසා අඩියක් පිටුපසට ගත් බවත් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි.

“කථානායකතුමා පිළිඅරන් තිබුණා එතුමට දුරකථනයෙන් නම් ටික කිව්වයි කියලා. ඊට පස්සේ කථානායකතුමා මට ඊයෙත් කථා කරලා. අදත් කථා කරලා කිව්වා. රන්ජන් මම වැඩිහිටියෙක් හැටියට මේ කරන යෝජනාව පිළිගන්න. අපේ හියුමන් රයිට්ස් කොමිෂන් එක එනවා අගෝස්තුවල. එතකොට අපේ පාර්ලිමේන්තුවට හොඳම මොඩලයේ පාර්ලිමේන්තුව කියලා..සම්මානයක් ලැබෙන්න තියෙනවා. එතකොට මේ ඉෂූ එක ආවොත් ඉන්ටර්නැෂනල් මීඩියා ගොඩක් පික් කරයි ඒක. ඒ නිසා පොඩ්ඩක් ස්ලෝ වෙන්න.. එහෙම කරන්න එපා කියලා. ඉල්ලීම කළා. ඒකයි මං පොඩ්ඩක් අඩියක් පස්සට ගත්තේ. මම මේ පටන් ගත්ත සටන දැන් මට නවත්වන්න බෑ. මේකෙන් ගොඩක් අයගෙ හිත රිදිලයි තියෙන්නේ. මම කියන්නේ අබ කාපු අයට ඉන්න බෑ වගේ… හොරකම් කරපු අය සන්සුන් නෑ… ඒ වගේම කොකේන් ගහපු අයත් සන්සුන් නෑ. කලබල වෙන්න ඕනේ නෑ. පරීක්ෂණවලට මුහුණ දෙන්නයි තියෙන්නේ.”

ඔහු මේ අදහස් පළ කළේ කොකේන් පාවිච්චි කරන ඇමතිවරු 24ක් ඇතැයි පැවසුව ද ඔවුන්ගේ නම් ඉදිරිපත් කිරීමට ප්‍රමාද ඇයි දැයි මාධ්‍ය විමසූ විටය.

Related posts

ඩඩ්ලි සිරිසේන රටින් පිටවෙයි

Admin

දුම්රිය කම්කරු එකමුතුව විරෝධතාවයක

colombotoday

මිලදී ගත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දු දැනුම් දෙමින් කතානයකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

අවුරුදු 46 ක රැඳවියෙක් සහ අවුරුදු 38ක එල්.ටී.ටී.ඊ රැඳවියෙක් මෙවර උසස් පෙළ සමත්

colombotoday

පාස්කු ප්‍රහාරයට ජනපති හැර, සියල්ලන්ම වැරදිකරුවන් වන ලකුණු !

colombotoday