Colombo Today Local News

රුපියල් කෝටි 11කට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක් අත්අඩංගුවේ

රුපියල් කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57 දෙනෙකු පැය 24 ක් තුළ බස්නාහිර පළාතේ වංචා විමර්ශන අංශවලින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් මෙම විශේෂ වැටලීම සිදුකර ඇත.

බස්නාහිර පළාතේ වංචා විමර්ශන කාර්යංශයන් වෙත ලද මූල්‍ය වංචා පැමිණිලිවලට අදාළව මෙතෙක් අත්අඩංගුවට ගත නොහැකිව පොලීසිය මඟහරිමින් සිටි සැකකරුවන් 57 දෙනෙකු ඊයේ (05) දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අතර කාන්තාවන් 09 ක් සහ පිරිමින් 48 ක් සිටින අතර ඔවුන් මුදල් වංචා කිරීම්, මුදල් විශ්වාසය කඩ කිරීම්, කූඨ ලේඛන සකස් කිරීම්, බහු විවාහ සිදුකර ගැනීම් වැනි අපරාධ 70කට සම්බන්ධ බව අනාවරණය වී ඇත.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් විසඳුණු අපරාධවල සම්පූර්ණ මූල්‍ය වටිනාකම රුපියල් 108,470,356 කි.

මෙම සැකකරුවන්ට අමතරව පොලීසිය මඟහැරි වරෙන්තුකරුවන් 13 ක් ද මෙම මෙහෙයුමේ දී වංචා විමර්ශන කාර්යංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සියලු සැකකරුවන් අද අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මංගලගෙන් අගරදගුරුතුමන්ට දරුණු ප්‍රහාරයක්…

colombotoday

ඇදිරිනීතිය අස්සේ බස්නාහිරින් පැන්න අය සොයා පොලිස් මෙහෙයුම් ඇරඹෙයි…

colombotoday

දින 100ක් තුල ගම් මට්ටමින් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday

බස් රථයක් පෙරළී 13ක් රෝහලේ

colombotoday

ඉදිරි සතියේදී පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත්

colombotoday

අප්‍රේල් පළමුදා සිට ළමා ඉතුරුම් ගිණුම්වලින් රජය 5%ක බද්දක් අයකරලා

colombotoday