Colombo Today Local News

රැකියා කළ හැකි අවම වයස් සීමාව වෙනස් වේ

රැකියා සඳහා සේවකයින් බඳවා ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 16 ලෙස නම් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අද (17)දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කෙරුණි.

අනිවාර්ය පාසල් අධ්‍යාපන වයස අවුරුදු 16 වශයෙන් වන නීතිමය විධිවිධානයන්ට අනුකූල වන පරිදි කම්කරු අණපනත්වල සේවකයින් සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට හැකිවන අයුරින් මෙය සිදුකර තිබේ.

ඒ අනුව, පහත සඳහන් පනත් හා නියෝග සංශෝධනය කිරීම පිණිස වන කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කර ඇත.

  • 1954 අංක 19 දරන (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේව්‍ය හා වේතන විධිමත් කිරීමේ) පනත
  • 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත
  • (135 අධිකාරිය වූ) අවම වේතන (ඉන්දියානු කම්කරු) ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වූ පනත
  • 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥාපනත
  • 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල පනතේ ප්‍රතිපාදන අනුව 1958-10-31 දිනැතිව අංක 11573 දරන රජයේ අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් ප්‍රකාශයට පත් කරන ලද නියෝග

කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර තිබේ.

Related posts

දරුවන්ට අන්තවාදය ඉගැන්වූ හිස්බුල්ලාට යුරෝපයේ රටවල් 8ක සහය

colombotoday

වෙසක් දින අගමැති කාර්යාලය තුලදී අනුරාධපුර යුගයට අයත් බුදු පිළිම වහන්සේ නමකට හානි

colombotoday

‘මක්කම යනවා කියා ගිය මුස්ලිම් 36ක් සිරියාවට ගිහින්.. පිරිසක් ISIS ත්‍රස්තයන්ට එක්වෙලා’ – ආරක්ෂක ලේකම්

colombotoday

ශීඝ්‍රගාමී දුම්රියක් පීලිපනී ප්‍රධාන. මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

colombotoday

ඥානසාර හිමිගේ ඇපෑල ඉවත දැමු එක් විනිසුරුවෙක් අගවිනිසුරුධූරයට ?

colombotoday

කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙන යන්න දෛනිකව ලක්ෂ 30 ක්

colombotoday