Colombo Today Local News

රනිල්ගේ ආශිර්වාදයෙන් මංගල ජිනීවා ගිහින් රටත්, ජාතියත් පාවාදුන්නා – රටේ සිදුවුණු ලොකුම ඛේදවාචක තුන විජේදාස හෙළිකරයි…

පසුගිය දශක දෙක ඇතුළත ශ්‍රී ලංකාවේ සිදුවූ ඛේදවාචක තුනක් ඇති බවත්, ඉන් එකක් සුනාමි ඛේදවාකය බවත්, දෙවන එක මහ බැංකු මංකොල්ලය බවත්. තුන්වන ඛේදවාචකය අගමැති රනිල්ගේ ආශිර්වාදයෙන් මංගල සමරවීර මහතා ජිනාවාහිදී රටත්, ජාතියත් රණවිරුවනුත් පාවා දෙමින් අැමරිකානු යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේ ය.

https://www.facebook.com/kelumpriyankara1986/videos/321957915337924/

‘අපේ රටේ රණවිරුවො යුද අපරාධ අධිකරණයට ගෙනියන්න දෙමුහුම් අධිකරණයක් ඕනයි කියල ජිනීවා මානව හිමිකම් කොමිසන් සභාවට ඇමරිකා එක්සත් ජනපදය යෝජනාවක් ගේනකොට මංගල සමරවීර මහත්තයා පැනල අත් දෙකම ඉස්සුවා.

මම ලිඛිතවම දුන්නා, තානාපතිට මේක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි කියල. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් නැතිව, රටත් සොල්දාදුවොත් පාවා දීල ආවා මංගල සමරවීර මහත්මයා විදේශ කටයුතු ඇමතිවරයා ලෙස. මංගල සමරවීර මහත්තයා මේ කරපු දේ එංගලන්තෙ ඇමති කෙනෙක් කරානම් ඉන්දියාවෙ ඇමතිකෙනෙක් කරානම් දේශද්‍රෝහී චෝදනාව යටතේ මේ වෙනකොටත් අත්අඩංගුවට අරන්. මෙහෙම රටක් පාවා දෙන්න මංගල සමරවීරට කවුද බලපත්‍රයක් දුන්නෙ.

අපි කාටත් වගකීමක් තියනව අපේ රටේ ස්වාධිපත්‍ය, ගෞරවය ආරක්ෂා කරන්න. ඒක මේ ආණ්ඩුවෙන් වෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා. තව අවුරුදු 100ක් යනකල් සමරන්න තියන ජාතික ශෝක දිනයක්.

Related posts

ශ්‍රි ලංකාවට ලකුණු 462 ක අභියෝගාත්මක ඉලක්කයක්… අද තරගයේ සම්පූර්ණ වාර්තාව මෙන්න

colombotoday

පාතාලය ඉවර කරන්න ජනපති තීන්දුවක් ගනී

Admin

එළඹෙන උත්සව සමයේ රට වැසීම ගැන අමාත්‍ය රමේෂ් පතිරණගෙන් ප්‍රකාශයක්

colombotoday

පාඨලීට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරේ

colombotoday

උතුරේත් වැඩි උනන්දුවක්… දහවල් 2 වෙද්දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න

colombotoday

සුහදශීලී රාජ්‍ය සේවයක් ලබා දෙන්න මාර්ගෝපදේශ මාලාවක්

Admin